බිහිසුණු ගිම්හානය
අපරාධ ස්ථානය රැකි පොලිස් කොස්තාපල්වරයා අප වෙත නැඹුරු වූයේ රහසක් පවසන්නට මෙනි.
'ඔහු එතැනින් ගිය කරත්තකාරයෙකුව මේ බව වහා ම පොලීසියට දැනුම් දෙන්න පිටත් කරල, තවත් අයෙක්ව වහාම වෛද්‍යවරයෙක්ව කැඳවන්න යවල තියෙනව. වෛද්‍ය ලුවෙලින් තමයි මෙහි ඇවිත් තියෙන්නේ. ඒ වෛද්‍යවරයාගේ ශල්‍යාගාරය, මේ ඔබ දකින, එම කාන්තාව වැටී සිටි තැනට මීටර් තුන් සීයකට නොඅඩු දුරකින් තියෙන්නේ. ඔහු සිය අතින් යම් දිශාවක් දක්වමින් කීවේය.
අපේ ඇස් ඒ දෙසට යොමු විය.
ඉතින් ඔහුව කොස්තාපල්වරයාගේ ඉල්ලීම අනුව අවදි කරල තියෙනවා. ඔහු ඇඳ පැළැඳ ගෙන වහාම මෙම ස්ථානයට ඇවිත්, ඇගේ සිරුර පරික්ෂා කරල බලලා, ඇගේ සිරුර හමුවූ මෙතනදිම. එහිදී වෛද්‍ය ලුවෙලින් තහවුරු කරල තියෙනවා, ඇය මියගොස් ඇති බවට. ඒ මොහොතේ ලුවෙලින් විසින් කොස්තාපල් නීල්ගෙන් අසා තිබෙනවා,
“මේ කැපුම් කෙටුම් අනුව මෙතැන ලේ විලක් ව තිබිය යුතුයි. කෝ ලේ? ඇයව ව ඝාතනය කළේ ලේ උරා බොන පිශාචයෙක් ද?” කියලා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.