බිඳුණු ජනේලය
දයාබර පාඨක ඔබට,
ඔබ මින් පෙර බඩෙිලසිරි ආනාථයන් ගැන කියවා නොතිබුණේ නම් මම කියන්න කැමතියි; වයලක් ක්ලෝස් සහ සනී තිදෙනා ඉතාම කරුණාවන්ත, ඉක්මණින් උණුවෙන හදවත් ඇති දරුවන් වූවත්, ඔවුන්ට උරුම වී තිබුණේ අවාසනාව හා දුකම පමණක් බව. මේ දරුවන් ගැන කියැවෙන සෑම කථාවක්ම දරුවන් මුහුණදෙන අසතුට හා අසරණ බව පමණක් ම කියැවෙන නිසා, සමහර විට ඔබේ අතේ තිබෙන මේ පොත ඒ අතුරින් නරකම එක විය හැකිය.
මෙම පොතේ ඇතුළත් සුළි කුණාටුව, සංඥා උපකරණ, බඩගිනි කූඩැල්ලන්, සීතල පිපිඤ්ඤා සුප්, මහත් භයානක දුෂ්ට මිනිසෙක් සහ ප්‍රිටී පෙනී නම් වූ බෝනික්කා කෙසේ හෝ ඔබට විඳදරාගන්න සිදුවේවි.
කටගාටුදායක සිද්ධීන් ගහන බෝඩිලයිරි දරුවන්ගේ ඛේදවාචකය අනාවරණය කිරීමට මා බැඳී සිටින නමුදු මෙම පොත නොකියවා, පසෙක තැන්පත් කොට වෙනත් පොතක් කියවීමට පූර්ණ නිදහස ඔබ සතු බව සිහි තබාගන්න!
ඔබට ගෞරවයෙන්,
ලෙමොනි ස්නිකෙට්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.