බිය නොවන් අයියන්ඩි
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන 'බිය නොවන් අයියන්ඩි' නිකුත් වූ අවස්ථාවේදී එයට පසු වදනක් ලියමින් මම එදා මෙසේ කීවෙමි.
අපූර්ව වූ සංකල්පනයෙන් ද අසංකීර්ණ වූ බුද්ධි ප්‍රභාවෙන් ද විප්ලවවාදි වූ දෘෂ්ටියෙන් ද නවතම වූ ශෛලියෙන්ද අනුපම වූ ජනතා දයාවෙන් ද අපමණ ප්‍රාණයෙන් පණගැහෙන්නා වූ භාවපූර්ණ බසින් ද ලියැවී ඇති මේ කාව්‍ය හා ගීත රචනා සියල්ල කියා සිටින්නේ 'බිය නොවන් අයියන්ඩි ' යන නමින් තවත් කවි පොතක් ප්‍රකාශයට පත්ව ඇති බව නොව කිසිවකුගේ සහතිකයක්, කිසිදු විශේෂණ පදවලින් හැඳින්වීමක් අවශ්‍ය නැති කවියකු, රත්න ශ්‍රී විජේසිංහ නමැති කවියකු අපගේ සාහිත්‍ය උරුමයට, අපගේ ජාතියට බිහි වී සිටින බවය.
එසේ බිහි වූ කවියා ඉකුත් දශක තුනකට වැඩි කාලය තුළ අපගේ පද්‍ය කාව්‍ය මතු නොව ගීත සාහිත්‍යයේ ද මහත් පෙළහර පා ඇති බව කියන්නට දැන් ඉතින් අමුතු පසුවදන් ලියන්නේ කුමට ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.