ලිලැක්
ඔව් මේක සුන්දුර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති මලක්!
Amali Anupma Mallawaarachchi
ඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසිතූ විරූ අයුරිනි. ඒ සුගන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව, ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොනැසී පවතීවා.
Gihan Sachintha
නිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරීම ලෝබකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාතවෙන හිතක් මට හමුවෙනවා. යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ම දවස්වල මා ලියූ වචනයක් දෙකක් "ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දුවයි, මද්දහනක උනත් ජනේලෙට එපිටහිං හිම වට්ටවයි.
Damindri K. Colambage
ප්‍රේමයෙහි වඩාත්ම අසංස්පර්ශීය ගැඹුරක, විඳීම් යට සැඟවුණු විඳවීමද, විඳවීම් තුළින් උපදින විඳීමද ගැන කිසිදා පරිපූර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියන්නිය ඇය ය. ඒ සිහිනමය ලිවීමෙන් රිදවෙන ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය “ලිලැක්” ය. ඒ තූළ මැවුණු මායාකාරි වංකගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ.
Nilan Rangana Bandara
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.