"අම්මපයි,මං කඩුව දුන්නා...!''
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
"කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සජිවී රසික පිරිවරක ප්‍රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක්‍රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් 'ග්‍රන්ථය' නමැති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සදීප්ගේ කාව්‍ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය.
සම්මානීය ලේඛක, කිවියර
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
BestMy favorite
ඉතින් අත් අතහැරුනු පසුවත්,
තිබිය නොහැකිද ප්රේමයක්...