බ්ලැක්හීත් මැඳුරේ අබිරහස
ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!
මනස විකල් කරවනසුලු වූ නොනවතින කාලචක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!
එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.
එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය. සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.