බ්‍රහ්ම විහර භාවනා - සදීපා ප්‍රකාශන

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
brahma-wihara-bhawana-doloswala-udithadira-himi-sadeepa

බෞද්ධයගේ ප්‍රධාන ඉලක්කය වන්නේ නිවනයි. එය අපේක්ෂා කරන්නා නොමගට යන සිත සුමගට යොමු කළ යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙන් සැකසු භාවිත සිතක් ඇති කරගත යුතු වේ.

ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එය ආර්ය අෂ්ටාංගික මාර්ග යයි ප්‍රකාශිතය. එහි අවස්ථා තුනකි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා යනු ඒ අවස්ථාවය. චිත්ත පාරිශ්‍රද්ධිය හොඳින් ලබාගැනීමට ශීල විශ්‍රද්ධිය අවශ්‍යය. ශීල විශුද්ධියෙන් සුපිරිසිදු වු චරිතයට චිත්ත විශුද්ධිය සඳහා පදනමක් ඇති වේ. ඒ සඳහා සමථ විපස්සනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් දක්වා ඇත. සමථය සඳහා භාවනා ක්‍රම හතලිහක් ඇත. එසේ ක්‍රම හතලිහක් දක්වා ඇත්තේ රාගාදි විවිධ චරිතවලට ගැළපෙන පරිදිය. ඒ අතර මානුෂීය උත්තරීතර ගුණ සතරක් පදනම් වන භාවනා ක්‍රමවේදය බ්‍රහ්ම විහර භාවනා නමින් දැක්වේ. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන කරුණු සතර පදනම් කර කරන භාවනාවයි.

මෙම භාවනා කීරිමට ඒ අනුව භාවනා කර අත්දැකීම් ලබාගත් ගුරුඇසුර අත්‍යවශ්‍යය. දීර්ඝ කාලයක් තිස්සේ සද්ධර්මය විනිවිද දකිමින් දම් දෙසීමෙන්ද, ඒ ධර්මය ප්‍රායෝගික කිරීමෙන් ද නිපුණතාවයක් ඇති පූජ්‍යපාද දොළොස්වල උදිතධීර හිමිපාණන්ගේ මෙම සතර බ්‍රහ්ම විහර භාවනා කෘතිය මා හැගි හස්තසාර ග්‍රන්ථයකි. ධර්මාභිලාෂින්ට බ්‍රහ්ම විහර භාවනා තේරුම් ගැනීමට මේ කෘතිය උපනිශ්‍රය වේවා.

Author දොළොස්වල උදිතධිර හිමි - Doloswala Udithadira Himi (12)
Publisher සදීපා ප්‍රකාශකයෝ - Sadeepa Prakashakayo (127)
More Information
ISBN 9789556618303
පිටු ගණන 319
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බ්‍රහ්ම විහර භාවනා - සදීපා ප්‍රකාශන
Back to Top