Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බ්‍රහ්ම විහර භාවනා - සදීපා ප්‍රකාශන

බ්‍රහ්ම විහර භාවනා - සදීපා ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

බෞද්ධයගේ ප්‍රධාන ඉලක්කය වන්නේ නිවනයි. එය අපේක්ෂා කරන්නා නොමගට යන සිත සුමගට යොමු කළ යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙන් සැකසු භාවිත සිතක් ඇති කරගත යුතු වේ.

ඒ සඳහා ක්‍රමවේදයක් ඇත. එය ආර්ය අෂ්ටාංගික මාර්ග යයි ප්‍රකාශිතය. එහි අවස්ථා තුනකි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා යනු ඒ අවස්ථාවය. චිත්ත පාරිශ්‍රද්ධිය හොඳින් ලබාගැනීමට ශීල විශ්‍රද්ධිය අවශ්‍යය. ශීල විශුද්ධියෙන් සුපිරිසිදු වු චරිතයට චිත්ත විශුද්ධිය සඳහා පදනමක් ඇති වේ. ඒ සඳහා සමථ විපස්සනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් දක්වා ඇත. සමථය සඳහා භාවනා ක්‍රම හතලිහක් ඇත. එසේ ක්‍රම හතලිහක් දක්වා ඇත්තේ රාගාදි විවිධ චරිතවලට ගැළපෙන පරිදිය. ඒ අතර මානුෂීය උත්තරීතර ගුණ සතරක් පදනම් වන භාවනා ක්‍රමවේදය බ්‍රහ්ම විහර භාවනා නමින් දැක්වේ. ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන කරුණු සතර පදනම් කර කරන භාවනාවයි.

මෙම භාවනා කීරිමට ඒ අනුව භාවනා කර අත්දැකීම් ලබාගත් ගුරුඇසුර අත්‍යවශ්‍යය. දීර්ඝ කාලයක් තිස්සේ සද්ධර්මය විනිවිද දකිමින් දම් දෙසීමෙන්ද, ඒ ධර්මය ප්‍රායෝගික කිරීමෙන් ද නිපුණතාවයක් ඇති පූජ්‍යපාද දොළොස්වල උදිතධීර හිමිපාණන්ගේ මෙම සතර බ්‍රහ්ම විහර භාවනා කෘතිය මා හැගි හස්තසාර ග්‍රන්ථයකි. ධර්මාභිලාෂින්ට බ්‍රහ්ම විහර භාවනා තේරුම් ගැනීමට මේ කෘතිය උපනිශ්‍රය වේවා.

ISBN
9789556618303
පිටු ගණන (Pages)
319
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බ්‍රහ්ම විහර භාවනා - සදීපා ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.