Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බුම්පා

බුම්පා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කතුවරිය : ග්රෑ හෝම් රයිපෙන්ස්ටෝල් - නොර්වේ හි උපත ලබා, ගොවිපල් පරිසරයක හැදී වැඩී, විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා (SEN) ගුරුවරියක ලෙස භූතානයේ තාශිගං ප්‍රදේශයේ, කාලින් නම් වූ ගමේ, අන්ධ සහ ආබාධිත ළමුන් සඳහා පිහිට වූ පාසලේ දිගු කාලයක් සේවය කොට විශ්‍රාම ගත් ඇය පෙරලා නොර්වේ රටට ගිය ද, නිරන්තරව භූතානයට පැමිණියේ එරටට ඇති දැඩි ඇල්ම නිසාමයි. කුඩා කල පටන් පොතපත කියවීමට හුරු වූ ඇය අදටත් කාලය ගෙවන්නේ පොතපත ඇසුරේය. ළමා පොත් කියවීමෙන් ලද ආභාෂය ඇයගේ ගුරු වෘත්තියට ආශිර්වාදයක් විය. ඇය විශේෂ උනන්දුවක් දැක්වුයේ කායික, මානසික ගැටලු සහ අභියෝගවලට මුහුණ දෙන ළමුන්ට සහ තාරුණ්‍යයට අත්වැලක් වෙමින් ඔවුනගේ හෙට දවස සුබදායක කිරීමටය.

 

චිත්‍ර ශිල්පී : වැන්ග් රනා ගුරුන් -භූතානයේ බිහි වූ බොහෝ කුසලතා ප්‍රගුණ කළ දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකි; චිත්‍ර උපදේශකයෙකි. ඔහු පාසල්වල, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල, බන්ධනාගාරවල සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් චිත්‍ර ශිල්පය පිළිබඳ වැඩමුළු පවත්වයි. ඔහුගේ චිත්‍ර බිත්ති අලංකරණයට එල්ලා තබනවාට වඩා එයින් ප්‍රකාශනය වන පණිවිඩය සමාජයේ කතාබහට ලක්වෙනවා දැකීමට වඩාත් කැමති බව ඔහු පවසයි.

 

පරිවර්තක : ජයන්ත මංගල රාජපක්ෂ - සම්මානනීය ගත් කතුවරයෙකි. “අමාවක අඳුරු නෑ”, “දෙමුහුන්” ඔහු මෑතකදී ලියා පල කළ කෘතීන්ගෙන් සමහරකි. "බුම්පා” ළමා කතාව ඔහුගේ ප්‍රථම පරිවර්තන කෘතියයි. වෘත්තීයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දශක පහක අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි.

 

"බුම්පා” - භූතානය සංවර්ධනයට යොමු වූ මුල් අවධියේ, ඈත නොදියුණු ගම්මානයක ජීවත් වූ ළමයෙකුගේ කතාවයි. කටුක දිවිපෙවතකට උරුමකම් කියමින් විවිධ හැල හැප්පීම් මධ්‍යයේ අත්හදා බැලීම් කරමින් ද, ආපදාවන්ට හා පීඩාවන්ට, ඛේදවාචකයන්ට සහ ශෝකාන්තයන්ට මුහුණ දෙමින් බුම්පා ගෙවූ ජීවිතයේ එක් කාලපරිච්ඡේදයක්, භූතානයේ ගැමි සමාජයේ නොවෙනස්ව පවතින “යහපත්කම” හා මුසුකරමින් ගෙතූ වියමනකි, බුම්පා.

 

බුම්පා නිර්භීතය. හොඳ ගොවියෙකු සහ බටකූඩ වියන්නෙකු වීමේ සරල සිහිනයක් ඔහුට තිබිණි. එහෙත් එක් අවාසනාවන්ත සිද්ධියක් ඔහුගේ ජීවිත ගමන්මග සදහටම වෙනස් කළේය. කුමන බාධක කම්කටොලු පැමිණියත් තම ආත්ම අභිමානය රැක ගනිමින්, ජීවිතයේ යථාර්ථයට මුහුණ දීමට ඔහු සුදානම්ය. මෙතැන් සිට යායුතු නිවැරදි මාවතට දැන් ඔහු පිවිස ඇත. එය දිගු ගමනකි. එහි පියවර මැනිය යුත්තේ සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙනි.

ISBN
9789553134035
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුම්පා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.