චානක්‍ය කේතය
ක්‍රි.පූ. 340!
එක් පීඩිත බ්‍රාහ්මණ තරුණයෙක්, තම ආදරණීය පියාට අත් වූ කුරිරු ඝාතනය වෙනුවෙන් පලිගැනීමට ශපථ කළේය. කෲර හා උපායශීලී මෙන්ම පිළිගත් සදාචාරයන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර වූ ඔහු, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ආක්‍රමණයට එරෙහිව සටන් වැද, විසිරී තිබූ දේශයක් එක්සේසත් කිරීමට සමත් විය.
මෞර්ය අධිරාජ්‍යයේ සිහසුන චන්ද්‍රගුප්ත මෞර්ය හට හිමිවන්නේ, ඔහුගේ ඒ විශිෂ්ට උපාය ඥානයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඉතිහාසය පුරා නිරන්තර අවධානයට ලක් වූ, 'චානක්‍ය' නමින් හැඳින්වෙන, භාරතයේ බලවත්ම දේශපාලන උපායමාර්ගිකයා ඔහුය.
එහෙත් ඉතිහාසය නැවත නැවතත් සිදු වේ!
වසර දෙදහස් පන්සියයකට පසු 'ගංගාසාගර් මිශ්‍රා' නමින් හදිසියේම මතුවන බ්‍රාහ්මීය ගුරුවරයා, 'චානක්‍ය' නැමැති ඒ ඓතිහාසික තැනැත්තා මිස අන් අයෙකු නොවේ. කුඩා නගරයකට වී දරුවන්ට ඉගැන්වීමේ යෙදෙන ඔහු, අභිලාෂකාමී පුද්ගලයන් පිරිසක් රූකඩ බවට පත්කරවාගෙන, ස්වකීය අභිමතාර්ථය ඉටුකරගැනීමට සැරසේ. නූතන ඉන්දියාවද පැරණි භාරතය සේම කුල වෛරය, දූෂණය සහ බෙදුම්වාදී දේශපාලනයෙන් පිරී පවතින තැනකි. ගංගාසාගර්ගේ දඩබිම වන්නේ මෙම පරිසරයයි. 'රජුන් තනන්නා' ලෙස විරුදාවලි ලත් ඔහුට, එක්සත් ඉන්දියාවක් බිහිකිරීමේ තවත් හාස්කමක් කළ හැකි වේවිද?
වසර දෙදහස් පන්සියයකට පසු, චානක්‍යගේ මන්ත්‍රය නැවතත් සාර්ථක වේවිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.