චංචල සිත් රූ
"දැන් උඹ මේ කියන ගැනි ගැන දන්නවාද” සත්යා අසද්දී සොභාවි හිස සෙල වූවාය. උඹ නම් මොන ජාතියේ එකියක්ද කියලා මට තේරෙන්නේ නැහැ භාවි... දොස්තර කෙනෙක් වුණේ ෆැකල්ටියට පොල් ගාලා දීලාද හරකියේ... ඒ ගෑනි ගැන දැනගෙන හිටියා නම් උඩ බලාගෙන හිටියේ මොකටද.... මිනිහා ඒ ගෑනිට දරුවෙකුත් හදලා දීලා උප්පැන්නෙකුත් දෙනකල් උඹ මොන ලෝකෙද හිටියේ” කඳුළ හැර සත්යාට දෙන්නට පිළිතුරක් සොභාවි ළඟ තිබුණේ නැත.
"ඇති දැන් මේවා හොඳටම... උඹ අදම තීරණයක් ගනින් භාවී... ඒ මිනිහා මත්තේ තවත් නැහෙන්න එපා” සත්යා ඇයව තුරුලට ගනිමින් කීවාය. සොභාවි ඇය තුරුලේ හඬා වැටුනාය.
"පොඩි එවුන් දෙන්නා දැම්ම උඹට නැති වුණාට එතකල් මේ දරුවා උඹ ළඟ ඉදියිනේ... ඔය මිනිහා කූඩු වුණ දවසට උඹ ළඟට දරුවෝ ගන්නත් උඹට පුළුවන් වෙයි” සොභාවි කිසිත් පැවසුවේ නැත.
උඹ දැන් ගෙදර ගිහින් පාස්පෝට් එක අක්ශිට දීලා එයා එක්ක රටින් පලයන්... ඒකා උඹේ අයියා නෙවෙයි කියන එක දැන් ස්ථීරයිනේ... එයා උඹ නොදන්න එකෙක් නෙවෙයි. අවුරුදු හත අටක් ආදරේ කළ එකා.. ඒකා උඹට වෙනස්කමක් කරන්නේ කොහොමද කවදාවත් කරන්න බැහැ එයාට ඒක” සත්යා නැවතත් කීවාය.
සොභාවි නිවසට පැමිණියේ කෙසේ දැයි ඇයවත් දැන සිටියේ නැත. දරුවෙක් දෙසවත් නොබලා ඉහළ මහළට නැඟුණු ඇය කාමරයට ඇතුළු වන්නට ගියද මින්සඳු දොර අහුරා සිට ගෙන සිටියේ ඇයව වලකමිනි. ඔහුගේ මුහුණ බැලීමට වූ නොහැකියාවට ඇය බිම බලා ගත්තාය.
“ආයෙත් සෙල්ලම පටන් ගත්තද බඩකුත් උස්සාගෙන අහු මුළු වල කුණු හෝදන්න” මින්සඳු ඇසුවේය. සොභාවි ඔහු දෙස බැලුවේ රවාගෙනයි.
"මොකද රවන්නේ... ඕවාට විතරක් එන්න එපා මගේ එක්ක... මේකේ තියන දෙයක් අරගෙන මෙහෙන් යන්න පුළුවන් ... කියන දේ අහන්නේ නැති ගෑනු මගේ ළඟ තව දුරටත් ඉන්න ඕනේ නැහැ”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.