චන්දන කුංකුම
“ඉතින් මං කැමැත්තෙන් කරගත්තුදේ නෙ” මදක් කල්පනාකාරීව හිඳ නර්මදා කීවාය. “මට එයාව හැම තිස්සෙම සිහිවෙනවා. නිදියන්න ගියත් හිතෙන්නෙ එයා ගැනම”
මිතුරියන් දෙදෙනා නර්මදාගේ කතාව අනුමත කළේ නිහඬියාවකිනි.
“අපි හැමදාම හැමෝම එකට ඉන්නෙ නැහැනෙ” මද වේලාවකට පසු සෝජා කීවාය. “අපි හැම දේකටම එන විදියකට මූණ දෙන්න ඕනෑ. සදම්මා හැම තිස්සෙම කියන්නෙ එහෙමයි. මං නම් ගොඩාක් ඉදිරියට හිතන්නෙ නෑ. මේ මොහොතෙ ජීවත් වෙන්න මං ඉගෙන ගත්තෙ සදම්මාගෙන්.”
“සදම්මා නුවණැති ගෑනි.” උප්සලා කීවාය. “කොයි වෙලාවෙ මොනවා කීවත් යමක් හරයක් තියෙනවා.”
දහහත් වැනි ශතවර්ෂයේ කාශ්මීරයේ විසූ මිතුරියන් තිදෙනෙකුගේ කථාවයි, චන්දන කුංකුම. ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන් හා හැදී වැඩීම් තුළින් ඒ තිදෙනාගේ දෛවයන් ඔවුන් තුන් දිසාවකට ගෙන යයි.
මෙය ඓතිහාසික කථාවක් පමණක් නොව, එදිනෙදා ජීවත් වූ මිනිසුන්ගේ ආදර කථාවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.