කොමියුනිස්ට් ප්‍රකාශනය අද වලංගුද

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
communist-prakashanaya-ada-walanguda-dewinda-slavoj
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author දේවින්ද කෝදාගොඩ - Dewinda kodagoda (1)
භාෂා සියයකටත් වැඩි ගණනකට පරිවර්තනය කෙරුණු කොමියුනිස්ට් ප්‍රකාශනය තරම් මිනිස් වර්ගයාගේ අනාගතය වෙත බලපෑම් කළ කෘතියක් තවත් නොමැත. ඒ හරහා කම්කරු පංතිය වෙත කළ ආමන්ත්‍රණය මගින් පසුගිය සියවසේ ලෝක ඉතිහාසය රැඩිකල් ලෙස හැඩගස්වන ලදී. බටහිර ලෝකයේ භයානකම දාර්ශනිකයා ලෙස නම් කෙරෙන ස්ලැවොයි ජිජැක්, මේ කුඩා කෘතිය හරහා කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ මාක්ස් හා එංගලිසි ඉදිරිපත් කරන ධනවාදයේ ලකෂණ සමකාලීන සමාජය හා සසඳයි. ඒ හරහා 20 වන සියවසේ විප්ලවවාදී ව්‍යාපාරවල අසාර්ථකත්වය නිරීක්‍ෂණය කරමින් කොමියුනිස්ට් ප්‍රකාශනය අන් කවරදාටත් වඩා අද ජීවමාන වන ආකාරයත් එතුළින් එහි සීමාව සලකුණු වන ආකාරයත් පිළිබඳ විසිතුරු විවරණයකට එළඹේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් දෂ්ටිමය ඝනත්වයෙන් ඉහළ කෘතියක් වන මෙහි අත්හැර දැමිය හැකි එක් වාක්‍ය ඛණ්ඩයක් හෝ නොමැත. ස්ලැවොයි ජිජැක්ගේ දර්ශනය සිංහල පාඨකයාට සෘජුව අභිමුඛ කරන පළමු අවස්ථාව වන මෙම කෘතිය වාමාංශික දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට අතිශය වැදගත් වනු ඇත.
More Information
ISBN 9786249548701
පිටු ගණන 107
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කොමියුනිස්ට් ප්‍රකාශනය අද වලංගුද
Back to Top