කොමියුනිස්ට් ප්‍රකාශනය අද වලංගුද
About this book
භාෂා සියයකටත් වැඩි ගණනකට පරිවර්තනය කෙරුණු කොමියුනිස්ට් ප්‍රකාශනය තරම් මිනිස් වර්ගයාගේ
අනාගතය වෙත බලපෑම් කළ කෘතියක් තවත් නොමැත. ඒ හරහා කම්කරු පංතිය වෙත කළ ආමන්ත්‍රණය
මගින් පසුගිය සියවසේ ලෝක ඉතිහාසය රැඩිකල් ලෙස හැඩගස්වන ලදී.
බටහිර ලෝකයේ භයානකම දාර්ශනිකයා ලෙස නම් කෙරෙන ස්ලැවොයි ජිජැක්, මේ කුඩා කෘතිය හරහා
කොමියුනිස්ට් ප්‍රකාශනය තුළ මාක්ස් හා එංගලිසි ඉදිරිපත් කරන ධනවාදයේ ලකෂණ සමකාලීන සමාජය හා සසඳයි.
ඒ හරහා 20 වන සියවසේ විප්ලවවාදී ව්‍යාපාරවල අසාර්ථකත්වය නිරීක්‍ෂණය කරමින් කොමියුනිස්ට් ප්‍රකාශනය
අන් කවරදාටත් වඩා අද ජීවමාන වන ආකාරයත් එතුළින් එහි සීමාව සලකුණු වන ආකාරයත් පිළිබඳ විසිතුරු විවරණයකට
එළඹේ.
ප්‍රමාණයෙන් කුඩා වුවත් දෂ්ටිමය ඝනත්වයෙන් ඉහළ කෘතියක් වන මෙහි අත්හැර දැමිය හැකි එක් වාක්‍ය ඛණ්ඩයක් හෝ
නොමැත. ස්ලැවොයි ජිජැක්ගේ දර්ශනය සිංහල පාඨකයාට සෘජුව අභිමුඛ කරන පළමු අවස්ථාව වන මෙම කෘතිය
වාමාංශික දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාට අතිශය වැදගත් වනු ඇත.
Details
ISBN
9786249548701
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review