Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කොංගෝ

කොංගෝ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අප්‍රිකානු වන අභ්‍යන්තරයේ සංචාරයක නියැලෙන අටදෙනෙකුගෙන් සමන්විත ඇමෙරිකානු භූ විද්‍යාඥයෝ පිරිසක් අබිරහස් සහ මිලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්වෙති. ඔවුන් මරාදැමුණේ, සින්ජ් හෙවත් 'අතුරුදන් වූ නගරය' නමින් පුරාවෘත්තවල සඳහන් නටබුන් නගරය ආසන්නයේදී විය හැකිය.

භූ විද්‍යාඥයන්ගේ මරණය හා සම්බන්ධ වීඩියෝ දර්ශනයක් නරඹන කැරන් රෝස්ට, ඉරිගිය කූඩාරම් සහ මඩෙහි විසිරුණු උපකරණ අතරින් චලනය වන, බොඳ වූ මානව හැඩැති රූපයක් දක්නට ලැබිණ. කොංගෝ ව්‍යාපෘතියට කුමක් සිදු වීදැයි සොයා, අප්‍රිකානු වනාන්තරයට පිවිසීම හැර අන් විකල්පයක් ඇයට ඉන්පසු නොතිබිණ.

'ඒමි' නම් ගෝරිල්ලා ධේනුවක හා පර්යේෂණ කටයුතුවල නියැලෙන පීටර් එලියට්, ඇය විසින් අඳින ලද චිත්‍ර සටහනක පෞරාණික නගරයක සලකුණු දකියි. ඒමි ඇන්දේ සින්ජ් හෙවත් 'අතුරුදන් නගරය' විය හැකිද?

කැරන් රෝස්ගේ ප්‍රධානත්වයෙන්ද, පීටර් එලියට්ගේ හා ඒමිගේ සහභාගිත්වයෙන්ද යුතු නව ගවේෂණ කණ්ඩායමක්, කොංගෝ මහා වනාන්තරයට පිවිසීමට කටයුතු සැකසුණේ ඒ අයුරිනි. ලුහුබැඳ එන මිනිස් සතුරන්ගෙන් ගැලවීමේ ඉඩක් තිබිය හැකි නමුත්, ඔවුන් පිවිසෙන ඒ අද්භූතකර ලෝකයෙන් මිදීමට ඇති එකම මග මරණය පමණක්ම විය හැකිය.

මේ බිහිසුණු වෘත්තාන්තය ඇරඹෙන්නේ එතැන් සිටය.

ISBN
9786246570651
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොංගෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.