Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

About this book

ඒමිල් ගැන අහලා නෑ? පුදුමයි. ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේ ම වැඩිහිටි කෝටි ගණනක් දෙනා ඔය දඟ පැංචා දන්නවා. ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ පොත් ලෝකයේ භාෂා අසූපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මොලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නොවෙයි මුළු ලෝකයේ ම අය එයාගේ දඟ වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගේ වැඩ නම් ඉතින්… නැහැ!, කියවලා ම බලන්නකෝ.

ඒමිල් හැම තිස්සෙම මොකක් හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා. සමහරක් හිතාමතා ම කරන ඒවා. සමහරක් නොදැනුවත්ව ම සිද්දවෙන ඒවා. මේවා ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියෙන ඇක්සයිස් පොත්වල ලියලා තිබ්බා. ලොකු පොඩි කවුරුත් ඒ කතා කියවන්නේ හරි ආශාකින්. කැමැත්තකින්. බාගදා ළමයින්ට ඒ අයට අහිමි ළමා කාලයත්, වැඩිහිටියන්ට ගෙවී ගිය ළමා කාලයත් මතක් වෙන හින්දා වෙන්නැති.

මේ දඟ පැංචාගේ දඟ වැඩ ගැන පොත් තුනක් පළවෙලා තියෙනවා. මුල් පොත තමයි දඟ පැංචා ඒමිල් (Emil In The Soup Tureen). දඟ පැංචාගේ තවත් දඟ වැඩ (Emil’s Pranks), දඟ පැංචාගේ හපන්කම් (Emil And His Clever Pig) අනික් පොත් දෙකයි.

ISBN
9789556772654
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඟ පැංචා ඒමිල්ගේ හපන්කම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.