දඟ පැංචා ඒමිල්
About this book
ඒමිල් ගැන අහලා නෑ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණණක් දෙනා ශය දඟ පැංචා ගැන දන්නවා. ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ පොත් ලෝකයේ භාෂා අසුපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මොලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමෙයි මුළු ලෝකයේම අය එයාගේ දඟ වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින් ... නැහැ! කියවලාම බලන්නකෝ.
ඒමිල් හැමතිස්සෙම මොකක්හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා.සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්ව ම සිද්දවවෙන ඒව. මේව ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියන ඇක්සයිස් පොත්වල ලියල තිබ්බා. ලොකු පොඩි කවුරුත් ඒ තා කියවන්නේ හරි ආශාවකින්. කැමැත්තකින්. බාගදා ළමයින්ට ඒ අයට අහිමි ළමා කාලයත්, වැඩිහිටියන්ට ගෙවී ගිය ළමා කාලයත් මතක් වෙන හින්දිා වෙන්නැති.
මේ දඟ පැංචාගේ දඟ වැඩ ගැන පොත් තුනක් පළවෙළා තියනවා. මුල් පොත තමයි දඟ පැංචා ඒමිල් (Emil in the Soup Tureen). දඟ පැංචාගේ තවත් දඟ වැඩ(Emil's Pranks), දඟ පැංචාගේ හපන්කම්(Emil and His Clever Pig) අනික් පොත් දෙකයි.
Details
ISBN
9789556771800
පිටු ගණන (Pages)
70
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review