Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දඟකාර පුංචි සුරංගනාවි

දඟකාර පුංචි සුරංගනාවි

About this book

වික්ටෝරියා මැටිල්ඩා ආර්යාව ඔබෙර්නියාවේ මැක්සිමිලියන් කුමාරයාට විවාහකර දීම වික්ටෝරියා රැජින විසින්ම කළ යෝජනාවකි. එම මංගල කටයුත්ත සඳහා ඇය එංගලන්තයේ සිට යුරෝපය හරහා ඔබෙර්නියාව වෙත ගමන් කරමින් සිටියාය.

කෙසේ නමුත් මියුනිච් වලදී රහස් අවදානම් චාරිකාවකට එක්ව සිටි ඇයට පොලීසිය මඟහැර සිටීමට සිදුව තිබිණි.

බැවේරියන් ගැමි ඇඳුමින් සැරසී සිටි මැටිල්ඩා තේරුම්ගත්තේ තමා කඳුකරගැමි නිවසක සම්පූර්ණ ආගන්තුකයකු සමඟ එකම ඇඳක නිදා සිටින බවය. තුවාල ලබා සිටි ඔහු රැඩොල්ෆ් විය. ඇය ජීවිත කාලය පුරා දැක සිටි වඩාත් කඩවසම් හා ප්‍රබෝධකර පුද්ගලයා ඔහු විය.

දුටු මොහොතේ සිට ඔහු කෙරෙහි ආදරයෙන් බැඳීයන ඇය මැක්සිමිලියන් කුමාරයා සමඟ විවාහවීම ප්‍රතික්ෂේප කරමින් සිටියාය. ඇයට අවශ්‍යවූයේ රැඩොල්ෆ් සමඟ එක්වීමය.

එම අදහස පමණක්ම මහා රාජිනියට හා තම පවුලේ අයට කරනු ලබන බරපතල අවමානයක් බව ඇය දැන සිටියාය. එහෙත් දැඩි ලෙස තම හද බැඳ  සිටි රැඩොල්ෆ් අමතක කර ජීවිතයේ කිසිදින දැක නොතිබූ මැක්සිමිලියන් කුමාරයා සමඟ විවාහ වීම ඇයට කිසිසේත් කළ නොහැකි විය. 

 

ISBN
9789556911466
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දඟකාර පුංචි සුරංගනාවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.