Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දකුණු මායිමේ

දකුණු මායිමේ

About this book
ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේ දී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි නම් චරිතය වටා ගෙතී ඇති south of the border , west of the sun නවකතාව ඔහුගේ උපතේ සිට මැදිවිය දක්වා ගලා යන අතිශය දාර්ශනික ගැඹුරකින් ජීවිතය දෙස බැලුම් හෙලන නවකතාවකි. පසු යුධ සමය විසින් ඔහුට සාර්ථක විවාහයක් ද, දියණියන් දෙදෙනෙක් සහ සාර්ථක ව්‍යාපාරයක් හිමි කර දී තිබේ. ඒ නමුත් තම සදාර්ථකත්වය පිළිබඳව ඇති යම් ව්‍යාජත්වයක් පිළිබඳ විවේචනාත්මක හැඟීමක් ඔහුගේ සංතෝෂයට බාධාවක් බවට පත්වෙයි. එසේම ඔහුගේ ළමාවියේ සිටි ෂිමමොටෝ නම් බුද්ධිමත්, හුදෙකලා දැරිය ඔහුගේ හදවතේ වළා පටලයක් මෙන් සැරිසරයි. මැදිවියේ යළිත් හමුවන , අහිමි වු ළමාවියේ ප්‍රේමයත්, ඔහුගේ පවුල් සංස්ථාවත් අතර දෝලනය වන හජිමේ ගේ චරිතය විටෙක රිදවමින්, විටෙක හඬවමින් ජීවිතය පිළිබඳව අලුතින් සිතා බලන්නට පාඨකයාව පොළඹවාලයි. සීත දේශගුණයක ඇතිවන ආදර කතාවක් වන මෙම නවකතාව, ඇසට කඳුළු නැංවෙන තරම් ප්‍රබල ලෙසම සුන්දර නවකතාවකි... විස්මිත වෙනසකින් යුතු සැබෑම ස්වීය නිර්මාණයකි...
Details
ISBN
9789551559779
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write a review

You're reviewing: දකුණු මායිමේ

Reviews are published once a member of our team has read them.