ධනවාදය ගැන ඔවුන් ඔබට නොකියන කරුණු 23
සමකාලීන ලෝකයේ හා-ජූන් චෑග් වැනි අය දුර්ලභ ය. ඔහු නව ලිබරල් ලෝක සම්මතය දැඩි ලෙස විවේචනය කරන, ප්‍රගතිශීලි සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින, සුමට ලෙස ලියන හා කථාකරන ඉතා ජනප්‍රිය ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. චෑග්ට අනුව, සාර්ථක ලෙස ආර්ථික සංවර්ධනය අත්කරගත හැකි ද, යන්න තීරණය වන ප්‍රධාන නිර්ණායකය වන්නේ ඵලදායි ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රභලව යොදාගැනීමට ඔවුන්ට තිබෙන හැකියාව ය.
සංවර්ධනය හා පර්යේෂණ තුළ රාජ්‍ය ආයෝජන, අපනයනාධාර, විදේශිය හා දේශීය ප්‍රාග්ධනය, ආණ්ඩුව දිරිදෙන හවුල් ව්‍යාපාර, මූල්‍ය වෙළඳපොල සහ මූල්‍ය පාලනයේ රාජ්‍ය මග පෙන්වීම, අපනයන හා ආනයන තීරුබදු එවැනි ප්‍රතිපත්තිවලට ඇතුලත් වී තිබේ. චෑග්ට අනුව, වොෂින්ටන් සම්මුතිය පිළිගැනීමට බලකරනවා වෙනුවට ආර්ථික සංවර්ධනයට ධෛර්ය දීම පිණිස ඉහත කී ප්‍රතිපත්ති ම භාවිතා කිරීමට අප දිළිඳු රටවල් දිරිමත් කළ යුතු ය.
අද ධනවත් රටවල් තමන් සංවර්ධනය වූ පරිදි තමන්ගත් එළඹුමට එරෙහිව දැන් තර්ක කරන්නේ ඇයි ? ලෝක පද්ධතිය තුළ ඔවුන් තමන්ගේ ම ආධිපත්‍ය නඩත්තු කිරීමට පොහොසත්, බලසම්පන්න රාජ්‍යයන් සහ ඔවුන්ගේ සංගතයන් අධිරාජ්‍යවාදී උපාය මාර්ගයක් ලෙස නිදහස් වෙළඳපොල දෘෂ්ටිවාදය, යොදාගන්නා බවට චෑග් තර්ක කරයි.
ඩෑංගේ පොත් පිටපත් මිලියන ගණනක් අලෙවි වී තිබෙන අතර, ඔහු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට නිතිපතා දායකත්වය ලබාදෙන්නෙකි. චෑග් ම පවසන පරිදි, ඔහුගේ අරමුණ හුදෙක් නිදහස් වෙළඳපොල ලෝක සම්මතයට අභියෝග කිරීම පමණක් නොව, ඔහුගේ කාර්ය මගින් තීරණ ගන්නා තනතුරුවල සිටින්නවුන්ගෙන් නිවැරදි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින එක්තරා ආකාරයේ ක්‍රියාකාරී ආර්ථික පුරවැසි භාවයට සහායවීම ද වේ.
සමාජවාදීන්ට, හා-ජූන් චෑග් ගේ ශ්‍රමයේ නිපැයුමෙන් බොහෝ දේ ඉගෙනගත හැකි අතර, එය අප විචාරශීලී ලෙස කියවා ඔහුගේ චින්තනයේ යම් හිදැස් හඳුණාගැනීම ද අවශ්‍ය ය. චෑග් ගේ ස්වයං-ප්‍රකාශිත අභිලාෂය ධනවාදයේ විකල්ප ආකාරයක් ප්‍රවර්ධනය කිරීම වන, නමුත් අපගේ ඉලක්කය විය යුත්තේ ධනවාදයට විකල්පයක් වර්ධනය කිරීම ය.
මහාචාර්ය බෙන්ජමින් සෙල්වින් Polity Press 2017 – (එක්සත් රාජධානියේ, සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ සංවර්ධනය.)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.