My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
උඹ හිතන්නේ මම මේ දේදුණුව අමතක කරලා ආපු ගමනක් කියලා නම් උඹට හොදටම වැරදිලා පොඩි, අනික මම ආවේ සේයා හිංදාත් නෙමේ අද..”
“මම කියන දේ අහපන් අයියේ. මම දන්නවා උඹට චුටීව අමතක කරන්න බෑ කියලා. එත් පොඩ්ඩක් හිතපන් දැන් සේයා ඉන්න තත්වේ. පහුගිය ටිකේම අම්මා උඹ ගෙදරින් ගිය එකට සේයාටම ආඩපාලි කිය කිය උන්නා මිස ඔය කෙල්ලට මේසේ වාඩිවෙලා කෑම කටක්වත් කන්න දුන්නේ නෑ. දැන් ආයේ අනික් අතට උඹ ගියොත් එක දෙක වෙනවා අනිවාර්යයෙන්.'"
"සොරි පොඩී. මම ඕන දෙයක් අහන්නම්. එත් මට මේ ගෙදර ඉන්න කියලා නම් කියන්න එපා. මේ වෙනකන් උඹ කියපු නිසා මම සේයාට මේ ගෙදර ඉන්න දුන්නා. මගේ හිත හදාගෙන හුස්මක් ගන්න බෑ බං මෙහෙ ඉද්දී, මාව පිච්චෙනවා වගේ."
හිරුන්ගේ මුහුණ නොපෙනුනත් මගේ ඇස් ඉදිරිපිට මැවුනේ එදා ඇනෙක්ස් එකේදී එයා මගේ දිහා බලපු අසරණ බැල්මයි.
Author | සතී පෙරේරා - Sathi Perera (6) |
---|---|
Publisher | සංඛ ප්‍රකාශකයෝ Sankha Publishers (62) |
ISBN | 9789551807672 |
---|---|
පිටු ගණන | 193 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |