DELAY වූ පැය දෙක
"ඩිලේ වූ පැය දෙක” යනු
මවකගේ හදවතේ දැවෙන වේදනාවත්,
නොබිඳෙන අධිෂ්ඨානයත් එක් වූ කතාවකි.
දියණියගේ ජීවිතයට මැකිය නොහැකි කැළලක් ඉතිරි කරමින්
සිදු වූ අමානුෂික අපරාධයකට පසු සමාජයත්,
පවුලත් එය අමතක කිරීමට උපදෙස් දෙයි.
නමුත් මවකගේ හදවතට ඒ වචන සැනසුමක් නොවේ.
කාලය ගත වුවත්, අසාධාරණය අමතක කළ හැකි දෙයක් නොවේ.
නිහඬවීම යනු යුක්තිය මැරීමක් බව ඇය දනී.
ඒ නිසා ඇය නිහඬව සිටීම ප්‍රතික්ෂේප කරයි.
තම දියණිය වෙනුවෙන්...
තවත් දරුවන්ගේ අනාගතය අඳුරු නොවීමට...
ඇය නීතිය ඉදිරියට පියවර තබයි.
දහසක් බාධා, සමාජයේ ඇස්, සැකය හා බිය මැද්දේ
මවකගේ හඬ නිහඬ වන්නේ නැත.
"ඩිලේ වූ පැය දෙක” කියවන්නාට මතක් කර දෙන්නේ
සමහර සිද්ධීන් ජීවිතයක් පුරාම හදවතේ කැළලක් වන බවය.
ඒත් සමහර මව්වරුන්ගේ අධිෂ්ඨානය
සමාජයක්ම අවදි කරවන්නට සමත්ය...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.