දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
demala-bashawe-mulika-wyakarana-siwalingam-anusha-kathru
Author සිවලිංගම් අනුෂා - Sivalingam Anusha (2)
දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ “දෙමළ භෂාවේ මූලික ව්‍යාකරණ” නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථය වනාහී වාග් විද්‍යානුකූලව දෙවන භෂා අධ්‍යයන යන විෂය ක්ෂේත්‍රයට අයත් වන්නකි. ඒකභාෂික යන මට්ටමේ සිට ද්විභාෂික, ත්‍රෛභාෂික වශයෙන් වර්ධනය වී බහුභාෂික යන මට්ටම දක්වා භෂාමය කුසලතාවන් වර්ධනය කර ගැනීමට ප්‍රයත්න දැරීම දිරිමත් කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ දැඩිව පවතින්නකි. ලාංකේය සන්දර්භය තුළ භාෂා කුසලතාවන් වර්ධනය කර ගැනීම හුදු රැකියා අවස්ථා යන ඉලක්කයට එහා ගොස් රටේ සමාජ ආර්ථික සහ දේශපාලන අංශයන්හි ඉදිරිගාමී පියවර සඳහා අත්‍යාවශ්‍යව පවතින්නකි. සංඛ්‍යාත්මක බහුතර ජන සංඛ්‍යාවක් නියෝජනය කරන සිංහල සමාජය තුළ මේ වන විට දෙමළ භෂාව අධ්‍යයනය සඳහා වඩාත් උනන්දුවක් දක්නට ලැබීම වැදගත් ලක්ෂණයකි. එම උනන්දුව තුළින් දෙමළ භෂා හැකියාව වර්ධනය කර ගැනීමට දරන උත්සාමයේ දී භෂා ඉගෙනීම් - ඉගැන්වීම් මෙවලම්වල අඩුපාඩු මහත් බාධාවක්ව පවතී. එවනි තත්ත්වයක් තුළ සිවලිංගම් අනුෂාගේ මෙම ග්‍රන්ථය එම අඩුපාඩුව සම්පූර්ණ කිරීම උදෙසා කෙරෙන දායකත්වයක් ලෙසින් සලකා අගය කරමි.
More Information
ISBN 9786249587908
පිටු ගණන 106
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ
Back to Top