දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ
About this book
දෙමළ භාෂාවේ මූලික ව්‍යාකරණ
“දෙමළ භෂාවේ මූලික ව්‍යාකරණ” නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථය වනාහී වාග් විද්‍යානුකූලව දෙවන භෂා අධ්‍යයන යන විෂය ක්ෂේත්‍රයට අයත් වන්නකි. ඒකභාෂික යන මට්ටමේ සිට ද්විභාෂික, ත්‍රෛභාෂික වශයෙන් වර්ධනය වී බහුභාෂික යන මට්ටම දක්වා භෂාමය කුසලතාවන් වර්ධනය කර ගැනීමට ප්‍රයත්න දැරීම දිරිමත් කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ දැඩිව පවතින්නකි.
ලාංකේය සන්දර්භය තුළ භාෂා කුසලතාවන් වර්ධනය කර ගැනීම හුදු රැකියා අවස්ථා යන ඉලක්කයට එහා ගොස් රටේ සමාජ ආර්ථික සහ දේශපාලන අංශයන්හි ඉදිරිගාමී පියවර සඳහා අත්‍යාවශ්‍යව පවතින්නකි.
සංඛ්‍යාත්මක බහුතර ජන සංඛ්‍යාවක් නියෝජනය කරන සිංහල සමාජය තුළ මේ වන විට දෙමළ භෂාව අධ්‍යයනය සඳහා වඩාත් උනන්දුවක් දක්නට ලැබීම වැදගත් ලක්ෂණයකි. එම උනන්දුව තුළින් දෙමළ භෂා හැකියාව වර්ධනය කර ගැනීමට දරන උත්සාමයේ දී භෂා ඉගෙනීම් - ඉගැන්වීම් මෙවලම්වල අඩුපාඩු මහත් බාධාවක්ව පවතී.
එවනි තත්ත්වයක් තුළ සිවලිංගම් අනුෂාගේ මෙම ග්‍රන්ථය එම අඩුපාඩුව සම්පූර්ණ කිරීම උදෙසා කෙරෙන දායකත්වයක් ලෙසින් සලකා අගය කරමි.
Details
ISBN
9786249587908
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review