Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන

රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන

About this book

මේ කවි අතර ඇති කාව්‍යාලංකාරික හා යෙදුම් පමණක් වුවත් දීපචෙල්වන්ගේ කවියෙහි පමණක් නොව ඔහු ඇතුළු දෙමළ ජනයා අත්විඳි ජීවිතයෙහි තතු ඒ වචනවල ගබඩා කර අපට ඉදිරිපත් කරයි. 'පුස්තකාලයකින් අවසන් වන වීදියේ සන්ලයිට් කොළ පිරී තිබිණි', 'රන් මිලට ගත් පෑන' සාමාන්‍ය සිංහල කවියකින් හමු නොවන යෙදුම් වේ. තුවක්කුකාරයන්, ඝාතකයින් දවාලද රාත්‍රියද අරක්ගත් පරිසරයක පොත්පත්වල, අකුරුවලට, කඩදාසි හා පෑන්වලට අතුරුදහන්වන්නට නොදී අල්ලා සිටින ජනතාවක් හා තරුණ පිරිසක් ගැන කවි කීපයක්ම මෙහි එයි. හිංසනයේ අශිෂ්ටත්වය අභිමුව ප්‍රබුද්ධත්වය අත්නොහැර අල්ලාගෙන සිටීමේ නැඹුරුවක් ඉන් පෙනේ. ඒ දුෂ්කර කොන්දේසි යටතේ මේ කවි ලියවීමම ඒ නිසා පුදුමයක් නොවේ.

මේ කවි අතර එන ඇතැම් කාව්‍යමය යෙදුම් දීපචෙල්වන්ට පමණක් නොව මෙහි විස්තර වන ජීවිතය ගෙවූ දෙමළ ජනයාගේ ජීවිතයට ආවේණික වූ සෙයක් පෙනේ. ඒ යෙදුම් දකුණේදී හමුවන්නට තිබෙන ඉඩ ඉතා අඩුය.

මුවා
වේගයෙන් දුවයි
මුවා ලෙස වෙස් මාරුකරගත්තුවුන්
මුවාට ආශ කළෝ
ඇවිදිමින් සිටිති

ඒ මන්දැයි සොයන දකුණේ අපට අප ගැනම සාමූහික ආත්ම පරීක්ෂාවක් කරන්නට සිතන තැනට හෘදය කම්පනයක් ඇති වුවහොත් ඒ අගනා කාව්‍යමය ඵලාප්තියකි. නොයෙක් බල ස්තර හා දෘෂ්ටිවාදී ස්තර විනිවිද ගොස් එවැනි ආත්ම පරීක්ෂාවක් කරන තැනට රටක් මෙහෙය වීම යනු කවියකට තනිව කළ හැකි වැඩක් නොවේ. එහෙත් කවියටත් එහිදී භූමිකාවක් තිබේ.

මෙහි එන කවිවල යෙදුම් පමණක් නොව ඇතැම් කවිවල සමස්තයම අද්විතීය වේ. නිදර්ශනයක් ලෙස 'අම්මාගේ නිවාස සැලැස්ම' නම් කවිය ගන්න. එය පුදුමාකාර කවියකි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ මවකගේ මාතෘ ශක්තිය පමණක් නොව ස්ත්‍රී ශක්තියද ඒ කවියට හසු වන්නේ අනුවේදිනීය ලෙසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මීට දස වසරකටත් පෙර සිංහලට පරිවර්තිත දෙමළ සාහිත්‍යය ගැන පාඨමාලාවක් හඳුන්වා දුන්නේය. ඒ පාඨමාලාවට අගනා කාව්‍ය සංග්‍රහයක් එක්වීමේ ආත්මාර්ථකාමී ප්‍රීතිය පමණක් නොව දෙමළ ජීවිතය වෙත අගනා කවුළුවක් මේ කෘතියෙන් විවර වන නිසාද මා මේ කෘතිය කියවා අවසන් කළේ උද්දමයෙනි.

ලියනගේ අමරකීර්ති

ISBN
9786485717392
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.