ප්ලම් මල් සුවඳ
ඇතැම් අවරදිග විචාරවේදීහු, මත්සුඕ බෂෝ නම් මේ අප්‍රමාණ කවීන්ද්‍රයා ප්‍රකෘතියේ කවියා ලෙස නාමකරණය කළහ. නැගෙනහිර ආසියාතික දෘෂ්ටිමාර්ගයට එකඟ ව සලකන කල, මෙකී ආරෝපණය ඒකාන්තයෙන් නිරවද්‍ය ය. එනම් ස්වභාව ලෝකයට අයත් දෑ ඒවායේ ම නිසග ස්වභාවය අනුව පවත්නා බව, බෂෝ ගේ හොක්කු කාව්‍ය මඟින් ප්‍රකට වන හෙයිනි. ඔහු ස්වභාව ධර්මයේ ම පවත්නා නිර්මාණශීලි භාවය සමඟ සහව්‍යතාවට පත් වූ කවියකු බව, පූජ්‍ය ඇතිපොළ මංගල ස්වාමින් වහන්සේ විසින් අනුවාදිත හයිකු කාව්‍ය කෙරෙන් ධ්වනිත වෙයි.
ශ්‍රේෂ්ඨ කවියා වඩාත් ස්වාභාවික වන්නේ ප්‍රකෘතියේ එකී නිර්මාණාත්මක ග්‍රෝතස, ඔහු ගේ සැබෑ ස්වභාවය හා මුසු වීමෙන් බව පසක් කොට දීමට තරම්, අප ස්වාමින් වහන්සේ ගේ මේ කාව්‍යානුවාද සූක්ෂ්මතර වෙයි. තමා ද ප්‍රකෘති ලෝකයේ ම අත්‍යන්ත, අභින්න අංශුවක් වෙමින් කවි ලියූ බෂෝ, තමා ජනිත වූ දේශයේ මතු නො ව මුළු මහත් ධරණීතලයේ ම කවියකු බවට මෙහි එන හැම නිමැවුමකින් ම සාක්ෂ්‍ය ලැබෙයි. ගිරි පවුරු පාරා රෑහි නද විද බසින ප්‍රපාත ඇසුරෙහි,කුහූ නද බිඳෙන වන වදුල් මත වතළ සඳකත් තුහිනයක, බෂෝ කවියා දිවමන් ව හිඳිනයුර දැනැවීමට, පූජ්‍ය ඇතිපොළ මංගල ස්වාමින් මේ අනුවාදිත කාව්‍යාවලියෙන් දරා ඇති යත්නය ප්‍රසංශනීය ය.
කිවිවර නන්දන වීරසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.