Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දෙමළ වංසයට පූර්විකාවක්

දෙමළ වංසයට පූර්විකාවක්

ISBN
9789558580103
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 1
  1. "නාරද" හා "කොලට්" ද්විත්වය දකින ශ්‍රී ලංකාව - දෙමළ වංසයට පුර්විකාවක්
    මෙම පිටු 76ක් වූ රුපියල් 150/- ක් වටිනා මෙම කෘතිය තුළ මුලිකව ඇතුලත් වන්නේ දෙමළ මිනිසා සහ ජනතාවගේ ඉතිහාසයට සරල හැඳින්වීමක් කාලීන උදාහරණ සමග ලබා දීමයි.

    මෙහි පෙරවදනේදී ඇත්තේ දෙමළ වංසයට නොව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ගේ ඉන්දියාවේ ගමන් වලට පුර්විකාවක් යැයි කීම මීට වඩා නිවැරදිදැයි විටෙක සිතේ.

    මෙම පෙරවදනේදීම 'හුණුවටයේ කතාව' නම් වේදිකා නාට්‍යය විවේචනයට ලක් කර ඇත. හුණුවටයේ කතාව දෙමළ වංශයට හා ඊළමට මුලික කරුණක් වන්නේ කෙසෙද යන්න ගැටලුවකි. එය සර්ව කාලීන නාට්‍යයකි. තවද බුද්ධිමය වශයෙන් මිනිසාව පටු කිරීමට සිදුකරන ලද පහත් වර්ගීකරණයක් ලෙස මෙය දැකිය හැක.

    මෙම පොත තුල මුලිකව පටුන ලෙස පහත මාතෘකා දැක්විය හැක.

    01. පෙරවදන
    02. බ්‍රාහ්මි
    03. තමිල්නාඩුව ගොතන දෙමළ සාහිත්‍ය වංශය
    04. සටහන්
    05. ආශ්‍රිත කෘති

    මෙහිදී මහින්දාගමනයට පෙර පැවති භාෂා භාවිතය හා ලක්දිව දියුණු ආර්ථික හා සංස්කෘතික ලක්ෂණ වැදගත් ලෙස ඉස්මතු කර ඇත. මෙය නාරද සේනානායක සහ කොලට් කරුණාතිලක යන දෙදෙනාගේ සාහිත්‍යයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දැකිය හැක.

    දෙමළ ජනතාව හා ඔවුන්ගේ ඉතිහාසය සංක්ෂිප්ත ලෙස දැක්වීමට මොවුන් දෙදෙනා සමත් වී ඇත.

    මෙම කෘතිය තුල දෙමළ බුදු සසුනෙහි පැවති අර්බුධයද සාකච්චාවට ලක් කරයි.

    තරමක් රෞද්‍ර ආකාරයට දෙමළ උගතුන් හා ඉතිහාසඥයින් මෙම කෘතිය තුල විවේචනයට ලක් කර ඇත.

    මෙහිදී දෙමල ජනතාවට නොමැති ඉතිහාස ග්‍රන්ථ පෙළ පිළිබඳව දැඩි ගැඹුරු චෝදනාවකට සමස්ථ කෘතිය පුරා විහිදෙන විවේචනයක් දක්නට ලැබේ.

    මහාවංශය මොවුන් දෙදෙනාට ප්‍රධාන වශයෙන් සත්‍ය බව හා ශ්‍රී ලංකාවේ දැනුමේ මුලය විය යුතු බව පෙන්වා දෙයි.

    "නාරද" හා "කොලට්" ගේ සෑම ග්‍රන්ථයකම මෙය දැකිය හැක.

    "නාරද" හා "කොලට්" ගේ ලිවීම් හා කියවීම් ඉතිහාසය යළි ප්‍රති කියවීමකි. එය හෙළයාට පක්ෂව සිදුවේ. බොහෝ කරුණු වලට නව මතවාද, විවාද, යෝජනා සහ චෝදනා මෙහි ඇත.

    "නාරද" හා "කොලට්" ජාතිවාදීන් නොවේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකීය සිංහලයාට වන අවස්ථාවාදී සමාජ හා සංස්කෘතික අසාධාරණය හරහා ඇතිවිය හැකි දේශපාලනික අර්බුධ වලට මග නොපෑමට අවශ්‍යය සත්‍ය තොරතුරු ලබා දීම තැත් කිරීම තුලින් සිංහලයා නැවත සන්නද්ද කර නංවාලීමට උත්සහ දරයි.

    මෙම පොත් පෙළ වඩා වැදගත් වන්නේ ඉතිහාස සිසුන්ට හා විද්වතුන්ටයි.

    එසේ කි පමණින් ව්‍යාපාරිකයා හා ව්‍යාපාර ශිෂ්‍යයා මෙලෙස ඉතිහාසය බැහැර නොකළ යුතුයි.

    ඔහුගේ මමත්ත්වය, පරිභෝජන රටා හා සංස්කෘතිය ඉතිහාසයේ කොටසකි.
    Dimantha රාක්කයේ ඇත ·
Write a review

You're reviewing: දෙමළ වංසයට පූර්විකාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.