මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 3
දානය ද දෙව්ලොව දොරටු හරින්නේ ය. 'දානං සංගස්ස සෝපානං'යන්නෙන් අර්ථවත් කළේ දානය ස්වර්ගයට ඉණිමඟ වන බව ය. පින් දහම් කිරීමට, දන් පන් දීමට සම්පත් තිබිය යුතු ය. යහපත් අඹුවක්, යහපත් සැමියෙක් සේම ගුණගරුක දරුවන් ද හිමි විය යුතු ය. වෙස්සන්තර කතා පුවතේ එන ලෙස මන්ද්‍රි දේවිය සහ ජාලිය ක්‍රිෂ්ණජිනා දරු දෙදෙනා යහපත් වූ නිසා වෙස්සන්තර රජු දාන පාරමිතාව පූර්ණ කර ගත්තේ ය.
අමනුෂ්‍ය බලවේගයන්ට දුර්වල වූ මනසක් ඇති අයකුගේ රුධිර ධාතුව සමඟ එකතුවීමට, මනස සමඟ බැඳීමට පුළුවන්කම තිබේ. එසේ බැඳී අදාළ පුද්ගලයාගේ යටි මනසෙහි කාවැදී ඇති දේ ප්‍රකාශ කරවීමට ද හැකියි. අමනුෂ්‍ය බලවේගය ඇයට දෙන ශක්තිය තුළ "මම උඹව විනාශ කරනවා. මම උඹව අරගෙනයි යන්නේ, මට බිල්ලක් ඕනෑ"යි අමනුෂ්‍යයාට ඇවැසි දේ ආරූඪ වූ චරිතය ලවා කියවයි.
ඒ අනුව දෙවියන්ට ඇවැසි සත්ව බිලි පූජා නොව පින් ය. දෙවියන් සතුටු කිරීම සඳහා පින් කළ යුතු නම් පින්කම් සංවිධානය කළ යුතු ය. සිල්වතුන්, ගුණවතුන් උදෙසා දන් පිළිගැන්විය යුතුය. භාවනා කළ යුතු ය. සිල් රැකිය යුතු ය. අඩුම තරමේ ගිහියන්ට අනුදැන වදාළ පංචශීලය ආරක්ෂා කළ යුතු ය. පින්කම් සංවිධානය කළ යුතු ය. එය පූජා වට්ටි පිදීමේ සංකල්පයක් හා සමාන නොවේ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.