Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / ධවල හංසි 1 සහ 2

ධවල හංසි 1 සහ 2

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

වෙච්ච හැමදේම මං තාත්තත් එක්ක කියාගෙන කියාගෙන ගියේ හුස්මක් කටක් ගන්නෙ නැතුව.ඇත්තටම අවුරුදු ගානක් පුරා සිද්ධ වෙච්ච දේවල් තාත්තත් එක්ක කියල දාන්න මට පැය බාගයක්වත් ගියේ නෑ. හැම දෙයක්ම කියල ඉවර වෙලා මං ඔලුව ඉස්සුවා. ඇස් දෙක එකපාරටම දැකපු දෙයින් මගේ හිත හතර පොළකට කැඩුනා. වියපත් ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු ගංගාවක්, තාත්තගෙ කමීසෙට උරාගෙන තිබුණා. මගේ මුලු ජීවිතේටම දැකල තිබුනෙ නැති තරම් පරාජිත පෙනුමක් ඒ මූනෙ මතුවෙලා තිබුණා.

“උඹ දැන් මොකද කරන්න හදන්නෙ ප්‍රමෝද්”

''තාම කල්පනා කරේ නෑ තාත්තෙ”

"මේ දුෂ්ඨ මිනිස්සුයි මිත්‍ර ද්‍රෝහියොයි චපල කෙල්ලොයි එක්ක උඹට බෑ ප්‍රමෝද්. උඹ තාම කල්පනා කරේ නෑ කිව්වා, ඒත් මේ තත්පරේට මං කල්පනා කරා. අපි තව සති දෙකකින් මේ ලංකාව අතෑරල යනවා”

තාත්තගෙ කතාවෙන් මගේ හිත ආයෙත් ගැස්සුනා.

''මේ තරම් සුලු දේකට ඇයි අපි ලංකාව දාල යන්නෙ තාත්තෙ, හැමදේම අමතක කරල අපි සංතෝසෙන් ඉඳිමු”

''සංතෝසෙන් ඉන්න? උඹ හදන්නෙ මට බොරු කරන්න පුතේ,මෙහේ හිටියොත් උඹේ හිත රිද්දපු ඔය හැමෝමගෙන්ම උඹ පළි ගන්නවා, මං ඒක සහ සුද්දෙන්ම දන්නවා. ඒක හින්ද මං උඹවත් අරගෙන මෙහෙන් යනවා. මොනව නැතත් මට උඹව බේර ගන්න ඕන පුතේ.පහුවෙච්ච කාලෙ මං හැමදේම කල්පනා කරලයි තිබුනෙ, තව සති දෙකකින් අපි ජැපෑන් යනවා” තවත් කියන්න දෙයක් මට තිබුණෙ නෑ. මගේ හිතේ තිබුණෙ තාත්තගෙන් කියවුණු වචන වල තිබ්බ එක වචනයක් විතරයි.හිත හිරි වට්ටල දාන ඒ වචනෙ පළිගැනීම කියල මං මතක් කර ගත්තෙ පුදුම තරම් ආසාවෙන්.

Details
ISBN
9789559972440
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ධවල හංසි 1 සහ 2

Reviews are published once a member of our team has read them.