Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිදුලන කඳුලැලි

දිදුලන කඳුලැලි

කතෘ (Author): Patrick Maguire
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
දුබලයා බලවතාගේ ගොදුරක් බවට පත්වීම යුගයෙන් යුගයට නොවෙනස් වන සනාතනික දහමක්ද? අවිහිංසක මාජ්රී පවුලේ ඇත්තන් අයි. ආර්. ඒ. ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරුවන් බවට පත් වන්නේ නොසිතූ විටෙකදීය. තාත්තාත් අම්මාත් දෙපුතුනුත් පවුලේ ඥාතීන් තිදෙනෙකුත් අත්අඩංගුවට පත් වෙති. මාජ්රී පවුල සී සී කඩව යයි. පවුලේ සිඟිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඬුවමට පාත්‍ර වෙති. අම්මා දාහතර වසරක්ම සිර කුඩුවේය. බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය. අවසානයේ හිරු නොබසින අධිරාජ්‍යය කළඹමින් මාජ්රී සෙවන්ලා ස්වකීය ගෞරවය සොයා සටන් වදිති. මහා බ්‍රිතාන්‍යයේ සිදු වු මේ සත්‍ය කතා පුවත අනුල ද සිල්වා ස්වකීය රමණීය බස් වහරින් සිංහලයට නගන්නේ අපේ දෑස් වලද කඳුළු දිදුළුවමිනි.
ISBN
9789551559465
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිදුලන කඳුලැලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.