දුරුතු සිහිනය
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි.
භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි.
තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මෙවැනි කෘති තව තවත් ලිවීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ආසිරි පතමි
වෛද්‍ය සෙනෙවිරත්න බණ්ඩා
චෙරිබෘෘක්
සිඩ්නි, ඕස්ට්‍රේලියාව.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.