Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුරුතු සිහිනය

දුරුතු සිහිනය

About this book

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි.

භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි.

තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! මෙවැනි කෘති තව තවත් ලිවීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ආසිරි පතමි

වෛද්‍ය සෙනෙවිරත්න බණ්ඩා
චෙරිබෘෘක්
සිඩ්නි, ඕස්ට්‍රේලියාව.

Details
ISBN
9789555515557
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දුරුතු සිහිනය

Reviews are published once a member of our team has read them.