කම්බි වැට
පොඩ්ඩියේ, මනුස්සයො හිරතල ගන්නේ දරුමල්ලො හදාගෙන සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න. ඒ මහත්තයට පුළුවන් ද උඹට දරුවෙක් දෙන්න ?” අම්ම ඔය කියන්නෙ සුධීරට දරුවො හදන රහස් ක්‍රියාවලියෙ යෙදෙන්න බෑ කියන එකනේ. ඉතින් මොකක් ද ප්‍රශ්නේ?"
දීග ගියහම උබට තේරෙයි. මෝඩියෙ ගෑනුන්ට මිනිස්සුන්ට රහස් ඕනකම් ඇති වෙනව” යි ජයවතී දුවට කීවේ පහත් හඬෙනි. ඒ ඕන කම් තරුණ කෙල්ලෙක් හැටියට මට දැනුත් ඇති වෙනව. ඒ වුණාට ලැබෙනවද? නොලැබුණා කියල මං බලහත්කාරෙන් හොර රහසේ ලබා ගන්න යනවද? මම ඒ මනුස්සය බැන්දත් මම ම තමයි. අම්මේ ඒ මහත්තයට දැන් ඕන රහස් ජීවිත බලාපොරොත්තු වෙන කාමයෙන් උමතු වෙච්ච ජේත්තුකාර ගැනියෙක් නෙවෙයි. එයා ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් සැබෑ ආදරය මනුස්සකම අඳුනන කාන්තාවක්, සුධීර අබ්බගාතයෙක් වුණේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න යුද්දෙට ගිහින්. අද අපි මෙහෙම නිදහසේ ඉන්නෙ සුධීරල නිසා. එයාලා අබ්බගාතයෝ කියල කිහිලිකරුවලට හිරකරලා, රෝද පුටුවල වාඩි කරල, ලෙඩ ඇඳන්වල බාවල තියන්න ද කල්පනාව?. මම සුධීරට මාතෘ භාර්යාවක් වෙනවා. ඒක සහතිකයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.