සුරති මහෝඝය
About this book
කාම උමතුවෙන් වියරු වැටුණු පතිනියක කාම තෘෂ්ණාවේ ආස්වාදයෙන් මන්මත් වී බෝධි සත්ත්වයෙකු වැනි සිය සැමියා ඉක්මවා යමින් වත්ත
පිටියේ වැඩට කැඳවා ගන්නා මිනී මරු පාපතර හරක් හොරකු මස් වැද්දෙකු වු රොමියෙල් තම සිරි යහනට ගෙන්වා ගන්නා සුවඳරා ඔහු නිසා
ගැබ් ගනී. දෙවියෙකු සමග දිව්‍යාංගනාවක ලෙස දෙව් ලොවක වාසය කළ ඈ යමපල්ලෙකු සමග අපායට යන්නා සේ රොමියෙල් හා ඔහුගේ
කටුමැටි ගැසු පැල්පතෙහි වාසයට ගොස් තම සුන්දර ජීවිතය සදාකාලික අසුන්දර ඛේදවාචකයක් කර ගනී. විවාහ වරෙන්තුකරුවෙකු වූ
රොමියෙල් පොලීසියට කොටු වී පොලිස් සිර මැදිරිය තුළ දී සිය දිවි නසා ගනී. කෑමට බීමට යමක් නොලැබ උණු කඳුළු බොන සුවඳරා තම
සැමියාගේ නිවසෙන් සොරා ගෙන ආ පීඩන ලාම්පුව පිපිරී පිළිස්සී මියයන්නේ සත්මස් ගැබිනියකව සිටියදීය. තිරශ්චින කාමපාශයේ බැඳි
තරුණ ජිවිතයක් විනාශයට පත් කර ගන්නා ආකාරය දකුණේ සුන්දර ගැමි බස් වහරින් ගෙත්තම් කර මෙම අනුවේදනීය ශෝකාන්තය රචනා
වී ඇත.
Details
ISBN
9789556864595
පිටු ගණන (Pages)
362
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review