ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව
ලේඛිකා ඈන් ෆ්‍රෑන්ක්ගේ පුනරුත්පත්ති කතාව නමින් හැඳින්වෙන මේ කෘතිය ස්වීඩන් ජාතික ලේඛිකාවක වූ බාර්බ්‍රෝ කාර්ලේන් විසින් රචිත "වෘකයෝ උඩුබුරලෑහ" නමැති කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයයි. මෙහි ඇති අපූර්වත්වය නම් 1929 ජුනි 12 වැනි දින ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලබා එහි ජීවත් වෙමින් සිටියදී හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ඈ පැහැර ගෙන ගොස් කෲර වධ බන්ධනවලට ලක්කොට ගෑස් උදුනක ගින්නක ගිනි දැල් අතරට විසි කොට අමානුෂික ලෙස ඝාතනය කළ ද 1954 මැයි 14 වැනි දින ස්වීඩන්හි බාර්බ්‍රෝ කාර්ලේන් නමින් උපත ලැබීමයි. ඉන්පසු දොළොස් හැවිරිදි වියේ දී ප්‍රකට කිවිඳියක හා ලේඛිකාවක් බවට පත් වී ඉකුත් ආත්මයේදී තමා ඈන් ෆ්‍රෑන්ක් බවද සනාථ කරමින් මේ චරිතාපදානය රචනා කරයි. මේ ආත්මයේ දී පොලිස් අශ්වාරෝහක සේවයට බැඳෙන ඈ තම සහෝදර නිලධාරීන්ගේ ඝාතන සැලසුම් ව්‍යර්ථ කරමින් අයෝමය කාන්තාවක් ලෙස නැගී සිටින අන්දම සරල සුගම බස් වහරකින් අනුවේදිනීය කඳුළු කතාවක් ලෙස ඔබ දෝතට පිළිගන්වන්නේ ප්‍රවීණ පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරීන්ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.