කඳුළු තරණය
'කඳුළු තරණය' වනාහි සිය ආදරණීය සැමියාගේ නොකල් වියෝගයෙන් තම එක ම දරුවා ද සමඟ මේ කුරිරු ලෝකයේ සැහැසි ලෙස අතරමං ව ඔහු ද කර තබා ගෙන කඳුළු සාගරයක් තරණය කොට අපේක්ෂා සාධනයේ නියැලෙමින් සියලු දුෂ්කරතා ජය ගන්නා මාතෘත්වයේත් පතිවෘතාවේත් ගුණ සුවඳ විහිදුවන උත්තම ගුණ සපිරි, පරමාදර්ශී දිරිය මාතාවකගේ කඳුළු අන්දරයයි.
ගුරු භවතුන් වූ දෙමාපියන් තමා වෛද්‍යවරියක කිරීමට අනුගමනය කරනු ලබන දයා විරහිත රූක්ෂ ප්‍රතිපත්තිය අවඥාවෙන් බැහැර කරන සුජාතා, සාධුකර වෘත්තියක් වූ වෛද්‍යකර්මය නූතන වණික් සමාජයේ හුදු මනහරයක් ව තිබියදී එය සාධුගුණෝපේත සුදුර්ලභ මනුෂ්‍යයකු අතට පත් කිරීමේ විරල කතා පුවතක් මින් චිත්‍රණය වේ.
පසුගාමී දරුවකු වුවත් නිශ්චිත ජයග්‍රාහී ඉලක්කයන් කරා මෙහෙයවන සියුම් ක්‍රමවේදයක් පියවරෙන් පියවරට විස්තර කෙරෙන මේ කඳුළු අන්දරය ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි විසින් ගෙත්තම් කර ඇත්තේ මුතු බවට පත් කරන ලද කඳුළු වැල්වලිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.