Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අහස් ඉම

අහස් ඉම

About this book

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වාසය කරමින් සිංහල සාහිත්‍යයට සහ සංස්කෘතියට ඉමහත් සේවයක් කරන සමන් මහානාම දිසානායක මහතාගේ නවතම නවකතාව වන 'අහස් ඉම' සාහිත්‍යය කෘතිය පිළිබඳ වචන කිහිපයක් හෝ ලියා එය ඇගයීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටකි.

පැරණි සංස්කෘත සම්ප්‍රදායට අනුව වීමසීමේදී මෙබඳු සාහිත්‍යමය කෘතියක මූලික අංග පහක් තිබීම අවශ්‍ය වේ. එම අංග පහ නම්
සඤ්ඤා, නිමිත්ත, කර්තෘ, ප්‍රමාණය සහ ප්‍රයෝජනය නම් වෙයි. මෙම කෘතියේ සඤ්ඤාව වනුයේ "අහස් ඉම" යන්නයි. දියුණුව පතන, ධෛර්යමත්, ඉදිරියට යාමේ අරමුණක් ඇති පද්මාවතී චරිතය තුළින් ග්‍රන්ථ සඤ්ඤාව මතු කොට දැක්වෙන්නේ ඉතාමත් දක්‍ෂ ලෙසය. පද්මාවතීගේ දියුණුවේ සහ බලාපොරොත්තුවේ ඉම අහසයි.

මෙහි නිමිත්ත වනුයේ අනවශ්‍ය ප්‍රමාණයට ඇති කර ගත් බලාපොරොත්තු එකින් එක භංග වී යාම හේතුවෙන් සමාජ විරෝධී කටයුතු වලට ඇබ්බැහි වී, මිනිසත්බව අමතක වී මහත් ව්‍යසනවලට පුද්ගලයන් පත්වන අන්දමත්, පසුව සත්පුරුෂ ආශ්‍රය හෙවත් සංඝයාගේ අවවාද අනුශාසනාවලට ගරු කරමින්, ධර්මයේ පිහිට ලබමින්, සියල්ල වෙනස් වීමේ ස්වභාව වටහා ගනිමින්, අයහපතෙන් මිදී ඉදිරි අනාගතය වෙත දැහැමින් පිය නැඟීමත්ය.

කතුවරයා ගැන සැලකීමේදී ශ්‍රී ලංකාවේ සුප්‍රකට මාධ්‍යවේදියකු වූ මහානාම දිසානායක සහ කැතරින් දිසානායක යුවළගේ පුතණුවන් වූ සමන් දිසානායක මහතා කළුබෝවිල ප්‍රදේශයේ උපත ලැබූ අතර පසුව කටුබැද්ද විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු අංශයේ තම උසස් අධ්‍යාපනය හදාරා ඇත.

පරිමණය නමැති අංශය යටතේ වර්ග පහළොවකින් සහ පිටු 280කින් පමණ සමන්විත වන වත්මන් යුගයේ නවකතාවකට සුදුසු ප්‍රමාණයකින් යුක්ත වේ.

ප්‍රයෝජනය පිළිබඳව සැලකීමේදී 'අහස් ඉම' සාහිත්‍යය රසය, නවකතා රසය පදනම් කොට ගෙන මිනිස් දිවියේ අල්පේච්ඡ ගුණය තුළින් සාර්ථක සහ සාමකාමී ගමන් මගකට ඉඩ පෑදෙන බව විදහා දැක්වෙන නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. අර්ථවත් පණිවුඩයක් 'අහස් ඉම' නවකතාවෙන් පිරිනැමීමට කතුවරයා සමත් වී ඇත.

මෙබඳු යහපත් රචනා අගතයේදීත් සිදු කිරීමට සමන් දිසානායක මහතාට උතුම් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සුව හා දිගාසිරි වේවායි පතමි!

Details
ISBN
9789556861440
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අහස් ඉම

Reviews are published once a member of our team has read them.