වැල්ලේ කොල්ලා
පිළිගත් පුරාවෘත්තවලට අනුව ශ්‍රී ලංකාව මූලිකව ම සංක්‍රමණිකයින්ගේ දේශයකි. විජයගේ ලංකා ගමනයෙන් පෙර ද, පසු ද, මෑත ඉතිහාසය දක්වාම, වෙනත් රටවලින් නීති විරෝධීව ද, නීත්‍යානුකූලව ද සංක්‍රමණය කළ අයගෙන් බහුතර ශ්‍රී ලාංකිකයෝ පැවත එති.
අති බහුතරයක් සංක්‍රමණිකයින් සහ සංක්‍රමණිකයින්ගෙන් පැවත එන්නන් වෙසෙන ඕස්ට්‍රේලියාවේ ද ලෝකයේ විවිධ පෙදෙස් හි සිට නීති විරෝධීව ද, නීත්‍යානුකූලව ද මෙහි පැමිණ ජීවත්වෙන පිරිස් බොහෝ ය. ඒ අතර ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තෝ ද ලක්‍ෂ ගණනක් සිටිති.
තමන් උපන් රටෙන් පිටත්ව, ඒ පරිසරය, නෑ මිතුරන් හැර දමා නොදන්නා රටකට සංක්‍රමණය කර ජීවත්වීමට යමෙකු ගන්නා තීරණය ඉතා අසීරු එකකි. ඒ සඳහා විශාල ධෛර්යයක් මෙන්ම ආත්ම විශ්වාසයක් ද අවශ්‍ය වේ. එසේම, විශාල අවදානමක් සහිතව නීතිවිරෝධී ලෙස සංක්‍රමණය කරන්නට සමහරුන් පෙළඹෙන්නේ ඉතා සුවිශේෂී වූ කාරණා නිසා බව ද පෙනේ.
නීති විරෝධීව සංක්‍රමණය කරන්නන් පිළිබඳව නීත්‍යානුකූලව සංක්‍රමණය කළ ඇතැම් පිරිස් දක්වන්නේ අප්‍රසාදයකි. විවිධ සමාජ දේශපාලන සහ ආරක්‍ෂක හේතු මත, නීති විරෝධීව කෙරෙන සංක්‍රමණය වැළැක්වීමට රජය ද දැඩි පියවර ගනී.
දශක එකහමාරක කාලයක් තුළ නවකතා දුසිමක් රචනා කර ඇති කෘතහස්ත ලේඛකයෙකු වන සමන් මහානාම දිසානායක ගේ “වැල්ලේ කොල්ලා” නවකතාවට අන්තර්ගතය සපයන්නේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය කරන තරුණයින් දෙදෙනෙකුගේ ජීවන අත්දැකීම් ය. සංක්‍රමණය කිර්මට ඔවුන් ගන්නා තීරණයට හේතු වූ සමාජ දේශපාලනික පසුබිම මෙන්ම, සංක්‍රමණයෙන් පසු ඔවුන්ගේ ජීවිතය ද ලේඛකයා තම නිර්මාණයට අපූර්වත්වයක් එකතු කරමින් යොදාගෙන ඇත. නවකතා ලියවිය යුත්තේ සාමාන්‍ය ජීවිත ගත කරන, සාමාන්‍ය පුද්ගලයින්ගේ නීරස ජීවන තොරතුරු ගැන නොව සුවිශේෂී ජීවිත ගත කරන, සුවිශේෂී පුද්ගලයින් මුහුණ දෙන, අසාමාන්‍ය අත්දැකීම් පිළිබඳව බව ලේඛක සමන් මහානාම දිසානායක අපට නැවත වරක් පෙන්වා දී ඇත.
රසික සූරියආරච්චි
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.