Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජීවක ජානක

ජීවක ජානක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සමන් මහානාම දිසානායක මහතා ප්‍රසිද්ධ නවකතාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ පාඨකයන් හඳුනාගෙන ඇත. ඔහු වසර 2000 දී බඹරැන්දේ කඟවේනා නමැති ඔහුගේ පළමු නවකතාව පළ කළ අතර ඉන් පසු තවත් නවකතා 12ක් ඔහු ශ්‍රී ලංකා පාඨකයන් වෙත පිරිනමා ඇත.

එම නවකතා අතරෙන් හෙළිදරව් වන විශේෂත්වය නම් සමාජයේ විවිධ අවස්ථාවලට මුහුණ දෙන මිනිසුන්ගේ මානසික ස්වභාවය නිරූපණය කිරීමේදී නව මං සොයා යාමට ඔහු දැරූ ප්‍රයත්නයයි.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික යුද්ධයට මැදි වුණු මිනිසුන්ගේ ජීවන අරගලයත්, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තොරතුරුත් එකට අමුණා නිරූපණය කරන ලද චරිත මේ කතුවරයාගේ නවකතාවල දක්නට ලැබීම විශේෂත්වයකි.

ඔහුගේ අලුත්ම නවකතාව වන "ජීවක ජානක" කතාවට පාදක වන්නේ සියලු බාධක මැඩගෙන සිය අරමුණු ඉටුකරගන්නා තරුණයකුගේ කතාන්දරයයි.

සමන් මහානාම දිසානායක මෙතෙක් පළ කළ නවකතා මෙන්ම මෙම නවකතාවද පාඨක ප්‍රසාදය දිනාගනු නොඅනුමානය.

ප්‍රියානි ගනේවත්ත

ජ්‍යෙෂ්ඨ සිවිල් ඉංජිනේරු

ISBN
9786245711062
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජීවක ජානක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.