කළු සුද්දා
වසර තිහකට අධික කාලයක් ශ්රී ලංකාවෙන් බැහැරව ඉංග්රීසි රාජ්ය භාෂාව වූ ඔස්ට්රේලියාවේ දිවි ගෙවන සමන් දිසානායකයන් තම මව්බිම ගැන ඉතා විමසිලිමත්ව සිටින බව මෙම කතාවෙන් මනාවට ඔප්පු වේ.
සිඩ්නි නුවරට ශ්රී ලංකාවේ සිට ඉගෙනීමට පැමිණි ග්රාමීය තරුණියක් වන සකුන්තලා හා එරට ජීවත් වන රවීන්ද්ර අතර ප්රේම සම්බන්ධය හටගන්නේ මෙම කතාවේ අවසානයේ වුවත් එම සිදුවීම් මාලාව රාම සීතා පෙම් කතාව හා සබැඳීමට සමන් ගත් උත්සාහය අති සාර්ථකව ඇති බව මගේ විශ්වාසයයි. මෙම කතාවෙන් ශ්රී ලාංකීය ගැමි ජීවිතය හා ඔස්ට්රේලියානු ජීවන රටාව සම්බන්ධ කරනුයේ ඉතාමත් චමත්කාර හා ආකර්ෂණීය අන්දමටය. එතැනින් නොනැවතුණ සමන් ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය හා ඉන් සිදුවෙමින් පවතින ශෝකාන්ත අර්බුදය මෙම කතා පිංචට එක්කොට ඇත්තේ ඉන් මිදීමට නම් රවීන්ද්ර සහ සමන්මලී වැනි අයගේ උට්ඨාන වීර්යයත්, කාලෝචිත ප්රඥාවත් යොදා සුදුසු ලෙස සැලසුම් කළ යුතු බව පෙන්වා දෙමිනි.මෙම කතාව ඉතාම සාර්ථක නිර්මාණයක් බව මගේ විශ්වාස යයි ඔහුගෙන් තවත් මෙවැනි උසස් නිර්මාණ බිහිවේවායි ප්රාර්ථනා කරමි.
මහාචාර්ය ෂෙල්ටන් පීරිස්
ගණිත හා සංඛ්යාන අධ්යයන අංශය
සිඩ්නි විශ්ව විද්යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.