එදවස සොදුරුමය
බුද්ධදාස ගලප්පත්ති තීරු ලිපි රචනය පිළිබඳ ප්‍රාමාණිකයෙකි. දීර්ඝ කාලයක් එම විෂයයෙහි නියුක්ත වීමෙන් ඔහු සාක්ෂාත් කරගත් අනන්‍ය ලක්ෂණ කිහිපයකි. ඔහු නිරන්තරයෙන් විෂය කරගන්නේ කලා ලෝකයයි. කලා නිර්මාණ හා කලාකරුවන් පිළිබඳ ව ඔහුගේ කියැවීම් බෙහෙවින් සංවේදී ය. රසාලිප්ත ය. මේ ලිපි මඟින් අප හමුවට එන්නේ කලා නිර්මාණවලින් නොමඳ වින්දනයක් ලැබූ රසිකයෙකි. සිය හදවතින් ම ආස්වාදනය කළ නිර්මාණ රසික සමාජය හා බෙදාහදා ගැනීමට බුද්ධී සතු නොතිත් ආසාව මේ රචනාවලින් ප්‍රතියමාන වන ගුණයයි. බුද්ධි විඳි අනේකවිධ රස මේ ලිපිවල සාරයයි. ඔහු භාවිත කරන බස ද මේ නිර්මාණවලට අනුරූප ව සැකසේ. මේ බස නිරවුල් ය. ඕජෝ ගුණයෙන් පිරිපුන් ය. කාව්‍යාත්මක ය.
මේ තීරු ලිපිවල ප්‍රබල ම ගුණාංගය නම් මතුපිටින් සුහද අත්දැකීමක නැවුම් රසය ගැබ්වුව ද යටිපෙළින් වඩා තියුණු විචාර දැක්මක් ද පැවතීමයි. බුද්ධීගේ රසවිඳීම්වල ඇතුළාන්තයේ පවතින සමාජ, දේශපාලන කියැවීම් හඳුනාගැනීමට නම් මේ යටිපෙළ හසුකරගත යුතුවේයි. බුද්ධී කිසිවිටෙක පූර්වයේ සකසාගත් ආකෘතියක සිරකරුවෙකු නොවේ. මෙහෙයින් ඔහු ඔහුගේ රසවිඳීම් ඇසුරේ රසිකයාට නිර්මාණයක සැබෑ සුවඳ විඳින්නට කිසිදු බාධාවක් නොවේ. ඔහුගේ ලිපිවල යටිපෙළ හසුකරගත් රසිකයාට වඩා පුළුල් ව මේ නිර්මාණවල යථා දැක්ම ද අවබෝධ කරගත හැකියි. තීරු ලිපි රචනයේ දීර්ඝ පරිචය බුද්ධීගේ එදවස සොඳුරුමය තීරු ලිපි තුළ විද්‍යමාන වේ.
ගාමිණී වේරගම
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.