Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / කවිමිහිර - 5

කවිමිහිර - 5

About this book

කවිය පැදිය විවරණයට හා ඇගයීමට ලක්කරමින් නිර්මාණශීලිත්වයට සාහිත්‍ය සෞන්දර්යය කලාවන්ට නැවත සුභ පණිවිඩයක් රැගෙන 'කවිමිහිර' පස්වැනි කාණ්ඩය සුළවතුන් අත පත්වෙයි.

දශක පහකට හයකට පෙර සිය නිමැවුම් සවිය පිළිබඳව ගුණෙන් පොහෝණා කවිතාව මැනවින් පළ කළ බුද්ධදාස ගලප්පත්ති කිවිඳුන් විසින් මෙම ප්‍රයත්නය සාර්ථක කිරීම නිසා සැමගේ කෘතඥතාව ප්‍රශංසාව අප කවියාට නිතැතින්ම හිමි වෙයි. කවියට, කෙටිකතාවට, නවකතාවට, අංගරචනයට, නාට්‍යයට, සිනමාවට, ටෙලිනාට්‍යයට ඈ පැණෙන ලේඛනය භාෂණය ආශ්‍රයෙන් ඉමහත් සමාජ සංස්කෘතික මෙහෙවර ඉටු කරන හෙතෙම අභිසාරී ජනමාධ්‍යවේදය එනම් පුවත්පත්, සමාජ මාධ්‍යය, Face Book ද අන්තර්ජාලය ඈ සමාජීය නව මාධ්‍ය හාරා පීරා සොයා ගත් කවීන්ගේ නිමැවුම් සපුව ඇගයීමට ලක්කළ ඉරිදා දිවයින පුවත්පතේ, ලංකා ඉරිදා සංග්‍රහය හා වෙනත් පුවත්පත්හි පළවූ රචනා ආශ්‍රිතව මේ ලිපි සමුදාය පළ කරනුයේ සරසවි ප්‍රකාශන අනුග්‍රහයෙනි.

මීට පෙර කවි මිහිරට ඇතුළත් වූ නිර්මාණකරුවන්ගේ නිර්මාණ නොව මෙහි ඇතුළත් වී ඇත්තේ අලුත්ම කවි කිවිඳියන් පිරිසකගේ නිර්මාණ පිළිබඳ රසානන්දයකි. අපේ සුබාසී බුද්ධදාස ගලප්පත්ති සහ නිර්මාණකරුවන් වෙත පළ කරනුයේ අසීමිත ප්‍රීතියකිනි. කාව්‍යලෝලී පාඨකයන්ට කවිමිහිර උත්තේජනයක් වනු නිසැකය.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ISBN
9789553131577
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කවිමිහිර - 5

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.