Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඊජිප්තු අභිරහස් 2
About this book

මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් රචිත A Search in Secret Egypt කෘතියේ සිංහල පරිවර්තනය වූ ‘පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත්‍රකරුවන් සමඟ’ කෘතියේ දෙවන හා අවසාන කොටස යි. මධ්‍යම රාත්‍රීන් හි පවා ඉපැරණි දේවස්ථාන තුළත් නටබුන් අතරත් සැරිසරමින් මළවුන්ගේ මිටියාවතේ අඩු තුන්හාරසියයක් පොළොව යට තද ගලෙහි තනන ලද පාළු සොහොන් ගැබ් තුළත්, නයිල් ගඟ, කාන්තාරය හා ප්‍රපාතාකාර ගිරි දුර්ග පසු කරමින් ඊජිප්තුවේ සංචාරය කොට බ්‍රන්ටන් මෙහි සපයා ඇති කරුණු ද විශ්මයජනකය. විෂඝෝර නාගයින්, පොළඟුන් වාසය කරන බෙන තුළට අත දමා දළ නොකඩා මන්ත්‍ර බලයෙන් බෙල්ල වඩා ඔතා ගන්නා ෂීක් මවුසා ඵල් හාවිත්, සුපිරි අධි මානසික බලයකින් යුත් රා-මැක්-හොටෙප් නිපුනයා මීට වසර දසදහසකට පෙරාතුව භූගත කරන ලද නිපුන සන්නාසීන් අදත් ජීවමාන ව වාසය කරන බව පැවසෙන ප්‍රකාශය ද ඇතුළත් බ්‍රන්ටන්ගේ වාර්තාව සරල සුගම බස් වහරකින් පරිවර්තනය කර ඇති ප්‍රවීන ලේඛක තිලක කුඩාහෙට්ටි ‘ඊජිප්තු අභිරහස්’ තුළින් ඔබ අත්භූතජනක මායා ලොකයකට සැපත් කරවයි.

ISBN
9789555516518
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඊජිප්තු අභිරහස් 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.