Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / එහිම සුදුමැලි පිටපතක්

එහිම සුදුමැලි පිටපතක්

About this book

මාලක දේවප්‍රියගේ "බහුචිතවාදියා” සිනමා කෘතිය කේන්ද්‍රගත කරමින් සිනමා න්‍යාය ගැන ලියැවෙන මේ ලියවිල්ල ලියැවෙන්නේ, වාචාළකම සහ පශ්චාත් නුතන නරුමත්වය මුළුමනින්ම ඇවිළෙමින් යන එහි අවසන් හෝරාවේය. එහෙයින්, වර්තමාන සිනමාවේ ප්‍රවේශය ගැන නැවත සිතා බැලීමට මෙම ලියවිල්ල අපට කිසියම් ඉඩක් සලසයි. මෙම කෘතියේ තර්කය නම්, මනෝ විශ්ලේෂණය, මාක්ස්ට හා එංගල්ස්ට ලබා ගත නොහැකි වූ මිනිස් ආශාව හා හැසිරීම පිළිබඳ විද්‍යාත්මක අර්ථකථනයක් අපට ලබා දෙන බවයි. මනෝ විශ්ලේෂණයට ආරාධනා කිරීම යනු මාක්ස්වාදයේ භෞතිකවාදී උපක්‍රමවලට ආත්මීය සාධකය බද්ධ කිරීමට උත්සාහ කිරීමයි.

ඵමෙන්ම, මෙය ප්‍රේක්ෂකත්වය පිළිබඳ පැරණි විවාදවලින් මිදුණු පසු, දේශපාලනික හා සිනමාත්මක ඇසකින් අපගේ ලෝකය ගැන නැවත සිතා බැලීමට අපට ආරාධනා කිරීමක් මෙන්ම, මෙම කෘතිය, ජාක් ලැකාන්ගේ මනෝවිශ්ලේෂණාත්මක ඉගැන්වීම්වල පුළුල් සන්දර්භය තුළ මාක්ස් නැවත ස්ථානගත කරන අතර ඵ් තුල අපෝහක සහ භෞතිකවාදී චින්තනය නැවත තහවුරු කිරීමට මනෝ විශ්ලේෂණයේ හැකියාව අවධාරණය කරයි.

එහෙයින් මෙම ප්‍රයත්නය සිනමා විචාර න්‍යායේ උද්වේගකර නව ප්‍රවණතාවක් අවුළුවාලීමට උපකාරී වනු ඇත.

ISBN
9786242042343
පිටු ගණන (Pages)
347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එහිම සුදුමැලි පිටපතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.