Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / එකතුවන කල වැහිවලා

එකතුවන කල වැහිවලා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

රටවල් පනස් හතරකින් සමන්විත, විශාලත්වයෙන් දෙවන ස්ථානය ගන්නා මහද්වීපය අප්‍රිකාවය. කලක් අඳුරු මහද්වීපය ලෙසින්ද හැඳින්වුණු මෙහි එක් එක් රටට අනන්නා වූ ඉතිහාසයක්, සංස්කෘතියක්, සිරිත් විරිත්, සම්ප්‍රදායන්, විශ්වාසයන් හා ඇදහිලි ඇත. එමෙන්ම පොදුවේ ඔවුන් සැමට විශේෂිත සාහිත්‍යයක්ද තිබේ. සමස්ත අප්‍රිකාව පුරා පැවැති වහල් භාවය, පීඩනය, සුරා කෑම, අසාධාරණය, විදේශීය බලපෑම් වැනි අනේක විධ දුෂ්කරතා පරදා නැගී සිටින්නට බොහෝ කාලයක් තිස්සේ ඔවුන් ගත් උත්සාහය ඔවුන්ගේ සාහිත්‍ය කෘති තුළින් මොනවට පැහැදිලි වෙයි.

සියලු අප්‍රිකානු භාෂාවලින් සාහිත්‍ය කෘති පළවෙතත් අප්‍රිකාවේ ඉංග්‍රීසි සාහිත්‍යයද ලෝක ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ජනප්‍රිය වෙමින්, සිය අනන්‍යතාව මැනෙවින් පවත්වාගෙන යයි. පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ මා ලබා ඇති අත්දැකීම් අනුව මේ කෘතිය ශ්‍රී ලාංකේය පාඨකයින්ට සමීපවන ආකාරයට මගේ අතින් පරිවර්තනය වී ඇතැයි සිතමි.

ISBN
9786246815196
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එකතුවන කල වැහිවලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.