Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සෞඛ්‍යය / එළවළු ගුණ
About this book

රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතා රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයයේ හිටපු විදුහල්පතිවරයෙකි. ලාබාල වියේදී ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයයට බැඳුණු අල්විස් මහතා අවසාන විභාගයෙන් සමත් ව ඩී. අයි. ඇම්. ඇස්. උපාධිය ලැබීය. පසුව කල්කටාවට ගොස් පශ්චාත් උපාධි විභාගයෙන් සමත් ව ඇම්. ඒ. ඇම්. ඇස්. (ගෞරව) උපාධිය ලැබීය. ප්‍රාචීන භාෂොපකාර සමාගම විසින් පවත්වනු ලැබූ අවසාන විභාගයෙන් සමත් ව රාජකීය පණ්ඩිත උපාධිය ලැබී ය. ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ බී. ඒ. (ගෞරව) උපාධියෙන් ද සමත් විය.

වංග, හින්දි, ඉංගිරිසි කතා බොහෝවක් සිංහලයට නඟා පුවත් පත් සඟරාදියේ ද පළකර ඇති අල්විස් මහතා, විවිධ විෂයයන් පිළිබඳව කලක් ම පුවත් පත් සඟරාවලට ලිපි සැපයීය. වසර පණහකට වැඩි කලක් ගුවන් විදුලි මාධ්‍යයෙන් වැඩ සටහන් මෙහෙයවූ අතර ආයුවේද වෛද්‍ය සාකච්ඡා අවුරුදු හතළිහක් පමණ පැවැත්විය.

විද්‍යානිධි (ජනාධිපති සම්මානය) විශ්ව ප්‍රසාදිනී (අගමැතිනි සමිමානය) හා විද්‍යාසූරී(D.Sc) සම්මානය, (සබරගමු විශ්වවිද්‍යාලය) ලාභී පණ්ඩිත විලියම් අල්විස් මහතා වෛද්‍යවරයෙක් ද වෙයි.

ආයුර්වේද දෙපාර්තුමේන්තුව විසින් මුද්‍රණය කර ඇති ද්‍රව්‍ය ගුණ විඥානය” නම් ශාස්ත්‍රීය ග්‍රන්ථ යේ සම්පාදකවරයා ද වෙයි.

ISBN
9789556860665
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එළවළු ගුණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.