Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

එලෝ අමුත්තෝ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

"සූරියමල් ව්‍යාපාරයේ නියැලීමේ හේතුවෙන් ජේ. ඊ. ගුණසේකරයන්ට සදා නොමියෙන ඉරණම් දෙකක් අත් විය. පළමුවැන්න රිසි පරිදි වචන උච්චාරණය කිරීමේ අපහසුතාවයත් සමග ඇතිවූ ශාරීරික දුබලතාවයයි. දෙවැන්න සමාජවාදී මූලධර්මයන් වෙනුවෙන් සිය ජීවිත කාලය ම යෙදවීමට සිත් දීමයි. වෘත්තියෙන් ගුරුවරයකු වුව ද ශාරීරික දුබලතාවය නිසා ජේ. ඊ ට සිය ඉගැන්වීමේ කටයුතු දිගට ම කරගෙන යාමට නොහැකි වුවත් මිය යන තෙක් ම තමා ජීවත් වූ හබරකඩ ප්‍රදේශයේ දියුණුවට ඔහු ඉමහත් පරිශ්‍රමයක් දැරීය. ඔහු වසර කීපයක් ම ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතත්වය දැරූ අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හබරකඩ ශාඛාවේ ලේකම් ධුරය ද ඉසිලීය.

කෙසේ වෙතත් ජේ. ඊ. ගුණසේකර ලංකාව පුරා ම ප්‍රසිද්ධියට පත් වූයේ සිය දේශපාලන කටයුතු නිසා ම නොව ඔහුගෙන් සාහිත්‍යයට සිදුවූ අනගි මෙහෙය හේතුවෙනි. ඔහු ළමා පොත් ලිවීමෙන් ජනාදරයට පත් වූ කතුවරයෙකි. කුඩා දරුවන් වෙනුවෙන් ජීවිත කාලයත් ක්‍රමවත් පරිවර්තන කටයුතුවලට යෙදවීය. සෝවියට් දේශයේ පළ වී තිබූ ළමා පොත් රාශියක් ම ඔහු විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබ ඇත. 1983 වසරේ දී සංස්කෘතික අමාත්‍යාංශයෙන් පිදුන සාහිත්‍ය සම්මානයක් (උභයජීව) ද ඔහුට හිමි විය. සමාජයට මෙන් ම ලේඛන කලාවට ද සේවය කරමින් ඉතා නිහඬ ජීවිතයක් ගත කළ ගතින් දුබල මෙන් ම නිරහංකාර වූ මොහු ඝාතනය කිරීමට තරම් කිසිවකුටත් අවශ්‍යව තිබුණේ ඇයි ද යන්න මේ දක්වාත් විසඳා ගැනීමට නොහැකි ප්‍රහේලිකාවක් බවට පත් ව ඇත."

ඉන් මෙමරියම් නමින් ඉංග්‍රීසියෙන් පළ වුණු ජීවිත විවරණ කෘතියෙන් උපුටා ගන්නා ලද්දේ සංශෝධක ජේ. පී. ගුණසේකර විසිනි.

ISBN
9789552056727
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එලෝ අමුත්තෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.