නොලදිමි කිඳුරිය
ඇය සුරූපී දිය කිඳුරියකි. ඔහු සාමුද්රික ක්ෂීරපායින් පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙකි. 'නොලදිමි කිඳුරිය' යනු මේ දෙදෙනාගේ ආදර කතාව පමණක් නොවේ. එය මනෝවිද්යාත්මක සිද්ධාන්ත හා ජෛව විද්යාත්මක සිද්ධාන්ත රැසක් පාදක කරගත් අපූර්ව විද්යා ප්රබන්ධයක් ද වේ. මිත්යා සංකල්පයක් වන කිඳුරාට විද්යාත්මක පරිකල්පනය තුළ පණ පොවන්නට කතුවරයා සමත්ව සිටී. මෙම ප්රබන්ධයේ නිමැවුම්කරු වන මනෝජ් ප්රසන්න රත්නායක කැලණිය විශ්වවිද්යාලයේ ජීවවිද්යාව පිළිබඳ උපාධිධාරියෙකි. එම විශ්වවිද්යාලයෙන් ම 1999 දී සිංහල පිළිබඳ ශාස්ත්රපති උපාධියත් 2006 දී සිංහල පිළිබඳ දර්ශනපති උපාධියත් හිමි කරගත් ඔහු දැනට සිනමා විචාරය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. රාජ්ය සාහිත්ය සම්මානලාභියකු ද වන ඔහු ශ්රී ලංකා විද්යාභිවර්ධන සංගමය පිරිනමන විශිෂ්ටතම විද්යා සන්නිවේදකයා සම්මානය ද හිමි කර ගත්තෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.