අවසන් සුරංගනාවි

Special Price රු. 882.00 Regular Price රු. 980.00
In stock
SKU
awasan-suranganwi-manoj-prasanna-rathnayaka-heladiwa

මිල්ටන් යනු භින්නෝන්මාදයට ගොදුරු වූවෙකි. අන්‍යයන්ට නොපෙනෙන ඇතැම් චරිත සමඟ මිල්ටන් සබඳතා පවත්වයි. වහුකුණු මාමා එවැනි එක් චරිතයකි.

සරසවියේදී හමුවන හිමි නම් ශිෂ්‍යාව දෙවඟනකැයි මිල්ටන් විශ්වාස කරයි. අභ්‍යාවකාශ පර්යේෂණාගාරයක රැකියාවක් සොයා ගන්නට මිල්ටන් සමත් වන අතර තමා සුරංගනා ලෝකයෙන් පැමිණි සුරංගනාවකැයි කියා ගන්නා සාරා ඔහුට හමුවන්නේ මේ අතරතුරේදීය. රැකියාවේ කොටසක් ලෙස, සිකුරු ග්‍රහලොව වෙත සංචාරයක නිරත වන්නට මිල්ටන්ට සිදු වේ.මිල්ටන් ඇතුළු පිරිස ඒ සංචාරයේදී අභියෝග රැසකට මුහුණ දෙති. මෙලෙස මනුෂ්‍ය ලෝකය, සිකුරු ග්‍රහලොව හා සුරංගනා ලෝකය අතර දෝලනය වන අපූර්ව වූත්, සුන්දර වූත් කතා පුවතක් “අවසන් සුරංගනාවි” හි විස්තර වේ.

“අවසන් සුරංගනාවි” රචකයා වන ආචාර්ය මනෝජි ප්‍රසන්න රත්නායක සිය දර්ශන විශාරද දර්ශනපති, ශාස්ත්‍රපති හා විද්‍යාවේදී උපාධි කැලණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකරගත් අතර විශ්වවිද්‍යාල ගණනාවක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ආචාර්ය රත්නායක රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ජනාධිපති හරිත සම්මානය, විද්‍යා පදනම් මාධ්‍ය සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසක් සිය නිර්මාණ උදෙසා හිමිකර ගෙන තිබේ.

Author මනෝජ් ප්‍රසන්න රත්නායක - Manoj Prasanna Rathnayaka (8)
Publisher හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers (50)
More Information
ISBN 9786245758203
පිටු ගණන 392
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අවසන් සුරංගනාවි
Back to Top