Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවසන් සුරංගනාවි

අවසන් සුරංගනාවි

About this book

මිල්ටන් යනු භින්නෝන්මාදයට ගොදුරු වූවෙකි. අන්‍යයන්ට නොපෙනෙන ඇතැම් චරිත සමඟ මිල්ටන් සබඳතා පවත්වයි. වහුකුණු මාමා එවැනි එක් චරිතයකි.

සරසවියේදී හමුවන හිමි නම් ශිෂ්‍යාව දෙවඟනකැයි මිල්ටන් විශ්වාස කරයි. අභ්‍යාවකාශ පර්යේෂණාගාරයක රැකියාවක් සොයා ගන්නට මිල්ටන් සමත් වන අතර තමා සුරංගනා ලෝකයෙන් පැමිණි සුරංගනාවකැයි කියා ගන්නා සාරා ඔහුට හමුවන්නේ මේ අතරතුරේදීය. රැකියාවේ කොටසක් ලෙස, සිකුරු ග්‍රහලොව වෙත සංචාරයක නිරත වන්නට මිල්ටන්ට සිදු වේ.මිල්ටන් ඇතුළු පිරිස ඒ සංචාරයේදී අභියෝග රැසකට මුහුණ දෙති. මෙලෙස මනුෂ්‍ය ලෝකය, සිකුරු ග්‍රහලොව හා සුරංගනා ලෝකය අතර දෝලනය වන අපූර්ව වූත්, සුන්දර වූත් කතා පුවතක් “අවසන් සුරංගනාවි” හි විස්තර වේ.

“අවසන් සුරංගනාවි” රචකයා වන ආචාර්ය මනෝජි ප්‍රසන්න රත්නායක සිය දර්ශන විශාරද දර්ශනපති, ශාස්ත්‍රපති හා විද්‍යාවේදී උපාධි කැලණිය විශ්වවිද්‍යාලයෙන් හිමිකරගත් අතර විශ්වවිද්‍යාල ගණනාවක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ආචාර්ය රත්නායක රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ජනාධිපති හරිත සම්මානය, විද්‍යා පදනම් මාධ්‍ය සම්මානය ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසක් සිය නිර්මාණ උදෙසා හිමිකර ගෙන තිබේ.

ISBN
9786245758203
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවසන් සුරංගනාවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.