Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / චැරොන්

චැරොන්

About this book

මේ මොහොත වනවිට ඈත අන්තර් තාරකා අඩවිය (intersteller space) යයි හඳුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරුණ දූවිලි නිහාරිකා (nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිරී යන බව ගැලෙක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝ ය.

එය වර්ණවත් ආලෝකයකි

පෘථිවී හිරුගේ සූර්යය ලප (sun spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනි සිළු(sun flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මඟ ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහළින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘථිව් කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරීක්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදහන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු විද්‍යාඥයෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතතාවයක් ඇති clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත.

Details
ISBN
9786246446109
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. කුතුහලය පිරුණු පොතක්
    චැරොන් පොත ඉතාම ලස්සන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් බලනවා වගේ හිතට දැනෙන පොතක්. මෙහි දෙවැනි කොටසක් ඉතා ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.
    අමිත ·
Write a review

You're reviewing: චැරොන්

Reviews are published once a member of our team has read them.