එමා සහ මම
මගේ හිසට තදින් පහරක් වැදුණු අවස්ථාවක සිදු වූ දෙයක් ලෙසට පමණක් මට එය විස්තර කළ හැකි විය. මගේ මොළයද මුළු ශරීරයද පුරා විදුලියක් ගමන් ගත් ආකාරයක් මට දැනිණි. එක් වරම මගේ දෑස් මත වැටුණු තද එළියක් හේතුවෙන් මා අන්ධ වූ ආකාරයක් දැනිණි. මේ තදබල එමෙන්ම පැහැදිලි අර්ථකථනයක් දිය නොහැකි සුදු පැහැති ආලෝකය හේතුවෙන් මගේ ජීවය පුරා කම්පන දහරාවක් පැතිර ගියාක් වැනි හැඟීමක් මට දැනිණි.
මගේ ඉදිරිපිට වූයේ අතිශය දීප්තිමත් සුදු පැහැයක් හා කිසිදා බලාපොරොත්තු නොවූ ආකාරයේ තද නිල් පැහැයකි. එය ආශ්චර්යයක්ම විය. ඇදහිය නොහැක්කක්මය. ලෝකය මවන්නට ඇත්තේ මෙවන් මොහොතක විය හැකිය.
මම මගේ හිස හරවා අනෙක් පස බැලුවෙමි. එහි සියල්ල කොළ පැහැති විය. විවිධ පරාසයන්ගෙන් යුත් කොළ පැහැයන්ගෙන් එදෙස බැබළෙන්නට විය. කොළ පැහැයෙන් මගේ දෙනෙත් උමතු වී ඇතැයි මට සිතේ. ඒ අතර මා වටපිටාවෙන් විවිධාකාර ප්‍රශ්න නැඟෙන්නට විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.