Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / English in 3D Through Pictures - English Tenses

English in 3D Through Pictures - English Tenses

About this book

පොත ගැන

ඉංග්‍රීසියේ කාල ප්‍රභේද Present Simple, Present Continuous, Past Simple, Future Simple යනුවෙන් වියුක්තව ඉගෙනීම කළ නොහැකිය. ඒවා අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය අවබෝධ කර ගැනීමත්, භාෂාවේ කාලය ගලායන ආකාරය ඉදිරිපත් කිරීම සඳහා කාල ප්‍රභේද යොදාගන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමත් ඉංග්‍රීසි බස හදාරණ බොහෝ සිසුනට ගැටලුවක් වී ඇත. සියලුම ඉංග්‍රීසි ව්‍යාකරණ ග්‍රන්ථයන්හි කාල ප්‍රභේද එකින් එක වෙන් වෙන් වශයෙන් දක්වා ඇති හෙයින් ඒවා අධ්‍යයනය කරන සිසුන්ට බොහෝ ගැටලු නිරන්තරයෙන්ම පැනනගී. මේ ගැටලු නිරාකරණය කරගත හැක්කේ ප්‍රායෝගික අභ්‍යාසවල යෙදීමේදී කාල ප්‍රභේද භාවිතය උගෙනීම මගින් පමණෙකි. අවුරුදු පනහකට ආසන්න කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමෙන් ලබාගත් පලපුරුද්දෙන් මේ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට හැකිවිය. මේ ක්‍රමවේදය පොත් හා පුවත්පත් මගිනුත්, රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙනුත් අන්තර්ජාල අඩවියකිනුත් ඉදිරිපත් කළ අතර බොහෝ සිසුන්ගේ ඉල්ලීම මත ඉංග්‍රීසි කාල ප්‍රභේද ඉගැන්වෙන විශේෂ ග්‍රන්ථයක් සැකසීමට අදහස් කළෙමි. මේ එහි ප්‍රතිඵලයයි. මේ ග්‍රන්ථය දැඩි අවධානයකින් යුතුව පරිශීලනය කළහොත් ඉංග්‍රීසි කාල ප්‍රභේද භාවිතය පිළිබඳව විශිෂ්ට දැනුමක් ලබාගත හැකිවනු නොඅනුමානය. මේ ග්‍රන්ථය හුදෙක් කියවා බැලිය යුත්තක් නොව ප්‍රායෝගිකවම භාවිත කළයුත්තකි.

කර්තෘ

ISBN
9789551078096
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: English in 3D Through Pictures - English Tenses

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.