Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / Learn English as English -Through Pictures 02

Learn English as English -Through Pictures 02

About this book

වසර හතළිහකටත් වඩා වැඩිකලක් පාසල් සිසුන් ඇතුලු විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ට මෙන්ම වැඩිහිටියන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී හා රූපවාහිනී, ගුවන්විදුලි මෙන්ම පුවත්පත් මගින් ඉංග්‍රීසි පාඩම් ඉදිරිපත් කිරීමෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කොට ගෙන ඉංග්‍රීසි බස ඉගැන්වීමේ හා ඉගෙනීමේ අප රටට ගැලපෙන නව ක්‍රමවේදයක් මේ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන කතුවරයා මෙතෙක් කිසිදු ඉංග්‍රීසි ව්‍යාකරණ ග්‍රන්ථයක දක්වා නොමැති භාෂාවේ ත්‍රිමානාකාර ස්වරූපය ඉතා පැහැදිලිව පෙන්වා ඇත. දෙවන බසක කාලය ගලායාම ඉගෙනීම සිසුනට බෙහෙවින් දුෂ්කරය. ක්‍රියාවක් සිතුවිල්ලක් ලෙස මනසෙහි පහළකර ගැනීමේ සිට එම ක්‍රියාව පියවරෙන් පියවරට කිරීම තුළින් සැබෑ අත්දැකීමක් ලෙස මනසෙහි තැන්පත් කර ගන්නා අවස්ථාව දක්වා සියලුම අවස්ථාවන් ඉංග්‍රීසි බසින් දක්වන ආකාරය ඕනෑම වයස් මට්ටමක අයෙකුට වුවද පැහැදිලිවන අයුරින් පින්තූර මගින් දක්වා තිබීම මේ ග්‍රන්ථයේ ඇති තවත් විශේෂත්වයකි.

සිංහලයේ මෙන් ඉංග්‍රීසියේ SPOKEN ENGLISH යනුවෙන් දැක්විය හැකි විශේෂ බසක් නොමැති බව මේ පොතින් ඔබට පැහැදිලිව අවබෝධ කර ගත හැක. සිංහලයේ ලියන භාෂාවේ ඇති 'මම ඊයේ කොළඹ ගියෙමි.' යන වාක්‍යය ' මං ඊයෙ කොළඹ ගියා., ඊයෙ මං කොළඹ ගියා., කොළඹ ගියා මං ඊයෙ., මං කොළඹ ගියා ඊයෙ., කොළඹට ගියා මං ඊයේ., ඊයෙ මං කොළඹට ගියා.' ආදී වශයෙන් විවිධ ආකාරයට කතා කිරීමේදී භාවිත කරන බව දන්නා ඔබට I went to Colombo yesterday. යන වාක්‍යය SPOKEN ENGLISH බසින් කියන වෙනත් ආකාරයක් නොමැති බව ඉතා පැහැදිලිය. SPOKEN ENGLISH නමැති බොරුවට නොරැවටී නිබයව, නිවැරදිව ඉංග්‍රීසියෙන් කතා කරන්නටත් ලියන්නටත් මේ ග්‍රන්ථය නිසැකවම ඔබට උදව්වනවා ඇත.

පැය ගණනකින්, සතියකින්, දෙකකින්, මාස තුන හතරකින් ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි කතාව උගන්වන බව කියන මායාකරුවන්ට රැවටුන ඔබට ඉංග්‍රීසි බස නිවැරදිව ඉගෙනීමේ මග පෙන්වන මේ ග්‍රන්ථය පන්තිවලට නොගොස් තනිවම ඉංග්‍රීසි බස උගත හැකි බව ඔප්පු කර ඇත. එනිසාම මෙය මිල කළ නොහැකි ග්‍රන්ථයකි.

ISBN
9789551078089400
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Learn English as English -Through Pictures 02

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.