එරබදු ප්‍රේමය
ප්‍රේමය ගැන නිසි වැටහීමක් ඇතිව, ගෙදර දොර පාසල් ජීවිතය අලංකාරව, ගෙවා සාර්ථක කර ගත් වගේ ගමේ මෙන්ම, ඉසිපතනයේ පාසල් මිතුරෙකු වූ, මොහාන්දාස් සමරක්කොඩි මහතා, ලේඛන කලාවට පිවිස, දිගු කාලයක්ය.
ඉසිපතනයේදීද, අප දෙදෙනාම උගත්, උපනන්ද දහම් පාසලේදී, බහු කවික දස්කම්, මෙන්ම රචනා දස්කම්ද පෙන්න්වා ඇති බව, අතීතය මෙනෙහි කරන විට මතකයට එයි.
කළුබෝවිල හන්දියේ, කළුබෝවිල රෝහල ඉදිරිපිට සිටි, ඉසිවර වෙදැදුරු, නන්දසේන සමරක්කොඩි මහතාගේ (පතිනායක වෙද මහතා) ලොකු පුතා, වෙදැදුරෙක් නොවී, අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසීම අගය කළ යුතු ය.
මොහාන්, ලේඛකයාගේ ලිපිසැරිය, දැක සතුටු වීමි. ඉතා සුපෝෂිත බව, මේ එකිනෙක පරයා, නැගෙන පුස්තක වලින් පෙනේ. එමෙන්ම, හදවතට කතාකරන පරිදි, බස හැසිරවීමද, පාඨක රුචිය වඩන පරිදි, රචනා කිරීමද, වෙසෙසින් අගය කළ යුතු ය.
කඳුළු, චංචලා, ස්නේහය, මතක බණ, ආදී කතාවල, පෙළ ගැස්මද අපුරු ය. ගීද මොපසාන්, ජී. බී, සේනානායක වැනි, දෙස් විදෙස් කීර්තිනාම, කෙටි කතාවන්ගේ ආභාෂය මොහාන් මහතා ලබා ඇති බව, මේ කෙටි කතා, සංග්‍රහයෙන් පෙන්වා දෙයි.
එරබදු ප්‍රේමය, පසු කල වයසක සිටියද, ප්‍රේමය ගැන ලිවීම, අත් නොහල මා මිතුරාට, ප්‍රේමණීය සුභපැතුම් එක් කරමි.
අතුල රන්සිරිලාල්
හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, (රූපවාහිනී සංස්ථාව)
අධ්‍යක්ෂක හඬකැවීම්,
අධ්‍යක්ෂක ලංකා රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතනාංගය
නැගිටිමු සිතුවිලි මෝදු වෙලා
මොහාන්දාස් සමරක්කොඩි
රු. 180.00
විචිත්‍ර ප්‍රභාස්වර
මොහාන්දාස් සමරක්කොඩි
රු. 270.00
පාසල ක්ෂේම භූමියකි
මොහාන්දාස් සමරක්කොඩි
රු. 562.50
දැහැමි සිතට බුදු වදන්
මොහාන්දාස් සමරක්කොඩි
රු. 500.00
හැව්ලොක්ටවුමේ හරිත පියස
මොහාන්දාස් සමරක්කොඩි
රු. 1,200.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.